දේශීය

රාමසාන් වෙනුවෙනුත් මාර්ගෝපදේශ මාලාවක්

(UTV | කොළඹ) – මෙරට මුස්ලිම් ජනතාව රාමසාන් උපවාස සමය අද ආරම්භ කරන බව කොළඹ මුස්ලිම් මහ පල්ලිය නිවේදනය කළා.

පුරා මාසයක් උපවාස ශීලය රැකීමෙන් පසු නව සඳ දැකීමත් සමඟ මුස්ලිම් ජනතාව රාමසාන් උපවාසය අත්හරිනු ලබනවා.

ඒ වෙනුවෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව 18 ඉක්ම වූ පුද්ගලයින්ට පමණක් මුස්ලිම් දේවස්ථානවලට ගොස් යාඥාවලට සහභාගි විය හැකි බවයි එහි දැක්වෙන්නේ.

එමෙන්ම, මීටරයක පරතරය දේවස්ථානයේ සටහන් කර තැබිය යුතු අතර, ඒ අනුව එක් යාඥාවකට සහභාගිවිය හැක්කේ බැතිමතුන් 100 දෙනෙකුට ආසන්න සංඛ්‍යාවකට පමණක් බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.

Related posts

අද විදුලිය කැපෙන්නේ මෙහෙමයි

Mohamed Dilsad

කරුණාරත්න පරණවිතාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස දිව්‍රරුම් දෙයි.

Editor O

පොලිස් වෙඩි පහරින් මිදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු පළායයි

Mohamed Dilsad

Leave a Comment