දේශීය

රාමසාන් වෙනුවෙනුත් මාර්ගෝපදේශ මාලාවක්

(UTV | කොළඹ) – මෙරට මුස්ලිම් ජනතාව රාමසාන් උපවාස සමය අද ආරම්භ කරන බව කොළඹ මුස්ලිම් මහ පල්ලිය නිවේදනය කළා.

පුරා මාසයක් උපවාස ශීලය රැකීමෙන් පසු නව සඳ දැකීමත් සමඟ මුස්ලිම් ජනතාව රාමසාන් උපවාසය අත්හරිනු ලබනවා.

ඒ වෙනුවෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව 18 ඉක්ම වූ පුද්ගලයින්ට පමණක් මුස්ලිම් දේවස්ථානවලට ගොස් යාඥාවලට සහභාගි විය හැකි බවයි එහි දැක්වෙන්නේ.

එමෙන්ම, මීටරයක පරතරය දේවස්ථානයේ සටහන් කර තැබිය යුතු අතර, ඒ අනුව එක් යාඥාවකට සහභාගිවිය හැක්කේ බැතිමතුන් 100 දෙනෙකුට ආසන්න සංඛ්‍යාවකට පමණක් බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.

Related posts

වෙනිසියුලාවේ බොර තෙල් ආකර ඇමෙරිකාව අත්පත් කර ගනී.

Editor O

කොරෝනා මැඩලීමට ජනපති නියමයෙන් විශේෂ අරමුදලක්

Mohamed Dilsad

කඳානේ වෙඩිතැබීමේ සුලමුල හෙළිවෙයි

Mohamed Dilsad

Leave a Comment