දේශීය

තහනම් කළ අන්තවාදී සංවිධාන ගැන ගැසට් පත්‍රය නිකුත් කෙරේ

(UTV | කොළඹ) – ත්‍රස්තවාදය වැලක්විමේ පනත යටතේ අන්තවාදී ක්‍රියා හා සම්බන්ධ මුස්ලිම් සංවිධාන 11ක් තහනම් කරමින් අංක 2223/3 දරණ අති විශේෂ ගැසට් පත්‍රය ඊයේ (13) රාත්‍රීයේ නිකුත් කර තිබේ.

ඒ අනුව, එක්සත් තව්හිද් ජමාත්, සිලෝන් තව්හිද් ජමාත්, ශ්‍රී ලංකා තව්හිද් ජමාත්, සමස්ත ලංකා තව්හිද් ජමාත්, ජමියතුල් අන්සාරි සුන්නතුල් මොහොමදියා, දාරුල් අදර්, ශ්‍රී ලංකා ඉස්ලාමීය ශිෂ්‍ය සංගමය, ඉස්ලාමික් ස්ටේට් ඔෆ් ඉරාක් ඇන්ඩ් සිරියා හෙවත් අයි.එස්.අයි.එස්, අල් කයිඩා, සේව් ද පර්ල්ස් සහ සුපර් මුස්ලිම් යන සංවිධාන මෙරට තහනම් සංවිධාන ලෙස නම් කර තිබේ.

රට තුළ සාමය අඛණ්ඩව පවත්වාගෙන යාම තහවුරු කිරීමේ කාර්යය සඳහා ශ්‍රී ලංකා රජය විසින් සද්භාවයෙන් දරන ලද ප්‍රයන්නයන් වැඩි දියුණුකර ගැනීමේ අරමුණින් සහ ජාතික ආරක්ෂාව, මහජන සාමය සහ නීතියේ අධිපත්‍යයේ හිතසුව පිණිස එම සංවිධාන කහනම් කර ඇති බව එම ගැසට් නිවේදනයේ සඳහන් වේ.

ඒ අනුව මෙරට තුළ හෝ මෙරටින් පිටත දී කිසිදු පුද්ගලයෙකු විසින් එම සංවිධානයක හෝ සංවිධානය නියෝජනය කරන හෝ සංවිධානය වෙනුවෙන් ක්‍රියා කරන පුද්ගලයින් ඒ හා සම්බන්ධ වීම ඒ කෙරෙහි සැලකිල්ලක් දක්වන වෙනත් යම් සංවිධානයක ක්‍රියාකාරකම්වලට සම්බන්ධ බවට හෝ ඒ කෙරෙහි සැලකිල්ලක් දක්වන බවට සාධාරණ සැකයක් පවතින වෙනත් යම් සංවිධානයකට සහය නොදිය යුතු වේ.

එමෙන්ම එම සංවිධානයක සාමාජිකයෙකු හෝ සමූහයක සාමාජිකයෙකුවීම, නායකත්වය සැපයීම, නිල ඇඳුම්, ඇඳුම්, සංකේත, ලාංජන හෝ ධජ පැළඳීම, ප්‍රදර්ශනය කිරීම, රැස්වීම් කැඳවිම, රැස්වීම් පැවැත්විම හෝ ඊට සහභාගීවිම, සාමාජිකත්වය ලබා ගැනීම හෝ බැඳීම, එහි සාමාජිකයෙකුට හෝ සමූහයකට රැකවරණය සැලසීම, මුදල් හෝ ද්‍රව්‍ය පරිත්‍යාග කිරීම තහනම් බව එම ගැසට් නිවේදනයේ සඳහන් වේ.

කිසියම් පුද්ගලයෙකු විසින් එම නියෝග උල්ලංඝණය කරන්නේ නම් ඔහුට විරුද්ධව මහාධිකරණයක් මගින් වසර 20ක් නොඉක්මවන සිරදඬුවම් නියම වන බව එම ගැසට් නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

Related posts

ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සේවා සඳහා දුරකථන අංක කිහිපයක්

Mohamed Dilsad

සති අන්තයේ දුම්රිය ධාවනය නවතී

Mohamed Dilsad

වතු කම්කරුවන්ට නොමිලේ ආහාර මල්ලක් බෙදා දීමට පියවර

Mohamed Dilsad

Leave a Comment