දේශීය

පළාත් 5ක ජනතාවට කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

(UTV | කොළඹ) – පළාත් 5ක ජනතාවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ප්‍රභල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව මධ්‍යම, සබරගමුව, බස්නාහිර, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල, මාතර හා අනුරාධපුර දිස්ත්‍රික්කවලත් තැනින් තැන ගිඟුරුම් සහිත වැසි ඇති වේ.

ඒ සමග ම ප්‍රභල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

අකුණු සහ ගිඟුරුම් සහිත අවස්ථාවල දී ආරක්ෂිත පියවර අනුගමනය කරන මෙන් එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

සබරගමුව, මධ්‍යම, බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 75ට වැඩි තද වැසි ඇති විය හැකිය.

Related posts

ජෝන්ස්ටන් ප්‍රනාන්දු ට පොහොට්ටුවේ තනතුරක්

Editor O

එලෝන් මස්ක් ලොව පළමු ට්‍රිලියනපතියා වෙයිද…?

Editor O

මැතිවරණ පැමිණිලි 2227 න් 1521ක් විසඳා අවසන් – මැතිවරණ කොමිෂම

Editor O

Leave a Comment