Trending Newsඑසැන පුවත්දේශීය

එලෝන් මස්ක් ලොව පළමු ට්‍රිලියනපතියා වෙයිද…?

විද්‍යුත් වාහන, සමාජ මාධ්‍ය, ක්‍රිප්ටෝ, අභ්‍යවකාශ රොකට් දක්වා කේෂ්ත්‍ර රැසක ව්‍යාපාර ජාලයක් හිමි, එලෝන් මස්ක්, නුදුරේදීම ලොව පළමු ට්‍රිලියනපතියා බවට පත්වෙනු ඇතැයි විදේශී ප්‍රවෘත්ති සේවා වාර්තා කරයි.

එලොන් මස්ක්ගේ ව්‍යාපාරික සාර්ථකත්වය අනුව, ලොව පුරා වැඩියෙන්ම කතා බහවන පුද්ගලයන් අතර, ඉහළ ස්ථානයක් ඔහුට ලැබී තිබේ. දැනට ඔහුගේ වාර්තාගත වත්කම ඩොලර් බිලියන 251 කට ආසන්න වේ. ලොව පළමු ට්‍රිලියනපතියා ලෙස වාර්තාවක් තැබීමට එලොන් මස්ක්ට හැකියාවක් ඇතැයි ඉන්ෆෝමා, කනෙක්ට් ඇකඩමිය නිකුත් කළ වාර්තාවක සඳහන්. එහි සඳහන් ආකාරයට 2027 වසරේ දී ලොව පළමු ටිලියන පතියා බවට ඔහු පත්වනු ඇතැයි සඳහන්. එම වාර්තාවේ සඳහන් ආකාරයට එලොන් මස්ක්ගේ ශුද්ධ ආදායම වසරකට සියයට 110%කින් වර්ධනය වන බවයි.

ගෞතම් අදානි 2028 වසරේ දී ට්‍රිලියනපතියෙකු වනු ඇතැයි එම වාර්තාවේ සඳහන්. එමෙන්ම තාක්ෂණික සමාගමක් වන එන්වීඩියා හි ප්‍රධාන විධායක නිලධාරී ජෙන්සෙන් හුආන්ග් සහ ඉන්දුනීසියානු බලශක්ති ක්ෂේත්‍රය හා සම්බන්ධ ප්‍රාජොගෝ පැන්ගෙස්ටු ද,  ඔවුන්ගේ ගමන් පථය මේ ආකාරයෙන් ම පැවතියහොත් 2028 දී ට්‍රිලියනපතියන් බවට පත්වනු ඇතැයි සඳහන්. මෙටා සමගේ හිමිකරු මාර්ක් සකර්බර්ග් 2030 ට්‍රිලියනපති සමාජයට එකතු වනු ඇතැයි ද එම වාර්තාව ඇස්තමේන්තුගත දත්තවල සඳහන්. ඔවුන්ගේ එම ව්‍යාපාරික කටයුතු පවතින ආකාරයේ අඛණ්ඩ සංවර්ධනයක් සිදුවුණහොත් සහ ලෝක ආර්ථිකයේ අනපේක්ෂිත සිදුවීම් සිදු නොවුණහොත් ඔවුන් පහසුවෙන් එම ඉළක්ක වෙත ළඟාවනු ඇතැයි ද සඳහන්.

Related posts

John McCain laid to rest at US Naval Academy

Mohamed Dilsad

Gennady Golovkin stripped of IBF World Middleweight Title

Mohamed Dilsad

“Speaker agreed to facilitate Parliamentary privileges to Premier Rajapaksa” – Thilanga

Mohamed Dilsad

Leave a Comment