ක්‍රීඩා

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ට කොවිඩ් එන්නත ලබාදීම අත්ටුවයි

(UTV| කොළඹ) – ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන් හට කොරෝනා රෝග මර්ධනය සඳහා ලබාදෙන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නත ලබාදීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලන කමිටු සභාපති මහාචාර්ය අර්ජුන් ද සිල්වා පවසයි.

මහාචාර්යවරයා පැවසුවේ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යය ගෙන ඇති තීරණය අනුව මෙලෙස ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් එන්නත්කරණය අත්හිටවූ බවයි.

බ්‍රිතාන්‍යය ඇස්ට්‍රාසෙනෙකා එන්නත වයස අවුරුදු 30 ට අඩු අයට ලබානොදෙන ලෙස පසුගියදා නිර්දේශ නිකුත් කළා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් බහුතරයක් වයස අවුරුදු 30 ට අඩුවීම සහ ක්‍රීඩකයන් බොහෝදෙනෙක් ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාගැනීමට අකමැත්ත පළකිරීමත් මේ සඳහා හේතුවූ බව මහාචාර්ය අර්ජුන් ද සිල්වා මහතා වැඩිදුරටත් පවසා සිටියා.

Related posts

FIFA ලෝක කුසලාන වෙනුවෙන් කටාර් රාජ්‍යයයෙන් නව නීති

Mohamed Dilsad

ලෝක වාර්තාවක් තබා රිදී පදක්කම දිනූ සමිත දුලාන්: මීටර 67.03ක දක්ෂතාවක්

Editor O

ශ්‍රී ලංකාවට ලකුණු 311 ක ඉලක්කයක්

Mohamed Dilsad

Leave a Comment