ක්‍රීඩා

බංග්ලාදේශ ක්‍රිකට් මෙහෙයුම් සභාපතිවරයාට කොරෝනා

(UTV | බංග්ලාදේශය) – බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ වර්තමාන ක්‍රිකට් මෙහෙයුම් සභාපතිවරයා වන අක්‍රම් ඛාන්ට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

52 හැවිරිදි ඔහු බංග්ලාදේශය නියෝජනය කරමින් ටෙස්ට් තරග අටකට සහ එක්දින ජාත්‍යන්තර තරග 44 කට සහභාගිවී තිබෙනවා.

කොරෝනා ආසාදනය හේතුවෙන් ඔහු දැන් සිය නිවසේ නිරෝධායනයට ලක්වන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

මේ අතර ලබන සෙනසුරාදා ශ්‍රී ලංකාවට පැමිණෙන බංග්ලාදේශ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන්ට දෙවන කොරෝනා මාත්‍රාවද ලබාදී තිබෙනවා. ඔවුන්ට පළමු කොරෝනා මාත්‍රාව ලබාදුන්නේ පසුගිය පෙබරවාරියේ නවසීලන්ත සංචාරයට පෙරයි.

බංග්ලාදේශයේ කොරෝනා ආසාදනය පසුගිය කාලය තුළ සීග්‍රයෙන් ඉහළ ගිය අතර, ඒ හේතුවෙන් ලබන 14 වනදා සිට සතියක කාලයක් මුළුමනින්ම රට වසා දැමීමට එරට බලධාරීන් තීරණය කළා.

Related posts

පකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් තිදෙනෙක්ට කොරෝනා

Mohamed Dilsad

ජපනුන්ගෙන් 70% ක් ඔලිම්පික් වර්ජනය කරයි

Mohamed Dilsad

ICC සභාපති ඉල්ලා අස්වෙයි

Mohamed Dilsad

Leave a Comment