විදෙස්

ඉන්දියාවේ සිට පැමිණෙන සියලු ගුවන් මගීන්ට නවසීලන්ත දොරටු වැසේ

(UTV | නවසීලන්තය) – ඉන්දියාවේ සිට පැමිණෙන සියලු ගුවන් මගීන්ට රටට ඇතුලුවීම තාවකාලිකව අත්හිටුවීමට නවසීලන්තය පියවර ගත් බව එරට මාධ්‍ය වාර්තා කරයි.    

ඒ ඉන්දියාවේ මේ වනවිට කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළයාම සැළකිල්ලට ගෙනයි.

ඉන්දියාවේ සිට පැමිණෙන සිය පුරවැසියන්ටද මෙම රෙගුලාසිය වලංගු බවයි නවසීලන්තය දැනුම් දී ඇත.

ඕක්ලන්ඩ් නුවර අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා ආර්ඩර්න් මහත්මිය මේ බව නිල වශයෙන් නිවේදනය කරයි.

විදේශයන්ගෙන් නවසීලන්තයට පැමිණි පුද්ගලයන් අතර සිටි 23 දෙනෙකු කොවිඩ් ආසාදිතයන් ලෙස අද දිනයේදී හඳුනාගෙන තිබෙන අතර , ඉන් 17 දෙනෙකුම ඉන්දියාවේ සිට පැමිණි පුද්ගලයන් බවයි විදෙස් වාර්තා සඳහන් කලේ.

 

Related posts

ගෝලීය කොරෝනා ආසාදිතයන් ගණන 6,200,000 ඉක්මවයි

Mohamed Dilsad

ප්‍රංශයේ කොරෝනා මරණ ගණන ඇමෙරිකාව පසුකරයි

Mohamed Dilsad

මහමැතිවරණයකට බ්‍රිතාන්‍ය මහජන මන්ත්‍රී මණ්ඩල අනුමැතිය

Mohamed Dilsad

Leave a Comment