දේශීය

කොල්ලුපිටිය ප්‍රදේශයේ පැවති ජංගම දුරකථන ජාවාරමක් වටලයි

(UTV | කොළඹ) – පාරිභෝගික කටයුතු අධිකාරියට ලැබුණ පැමිණිල්ලක් මත ඊයේ(06) දිනයේ කොල්ලුපිටිය ප්‍රදේශයේ ක්‍රියාත්මක වූ ජංගම දුරකථන විකිණීමේ ජාවාරමක් වැටලීමක් සිදු කර ඇත.

මිල අධික ජංගම දුරකථන අඩු මිලට ලබාදෙන බව පවසා පාරිභෝගිකයන්ගෙන් මුදල් ලබාගෙන පොරොන්දු වූ ආකාරයට ජංගම දුරකථන ලබාදී නොමැති බව මෙහිදි අනාවරණය වි ඇත.

පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතා විසින් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ මේ වන විට ජාවාරමිකරුවන් විසින් වංචා කරනු ලැබු කෝටි 30ක පමණ මුදලක් සොයා ගැනීමට හැකි වූ බවත් මෙවැනි වංචනිකයින් හට නොරැවටෙන ලෙසත්ය.

Related posts

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය කාලසටහන් සංශෝධනය රිවස් කරයි

Mohamed Dilsad

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විදුහල්පතිවරුන්ට විශේෂ දැනුම්දීමක්

Mohamed Dilsad

නිරෝධායන රීති කඩ කළ කාන්තාවන් 9 ක් ඇතුළු 11ක් අධිකරණයට

Mohamed Dilsad

Leave a Comment