කලා

කැරොලයින්ට ලෝක රූ රැජිණ කිරුළ අහිමි වීමේ අවධානමක්

(UTV | කොළඹ) – ඊයේ සවස (04) පැවති ලෝක විවාහක රූ රැජිණ තරඟාවලිය වෙනුවෙන් වූ ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ තේරීමේ අවසන් තරඟය උණුසුම් මුහුණුවරක් ගනු ලැබීය.   

අදාළ තරඟයේ කිරුල පුෂ්පිකා ද සිල්වා මහත්මියට හිමිවූ අතර කිරුල පැළඳීමද ප්‍රධාන ආරාධිත අමුත්තන් විසින් සිදු කරනු ලැබුවා.

නමුත් එම අවස්ථාවේදී අදාළ තීරණයට විරුද්දව අදහස් දක්වමින් හිටපු ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ මෙන්ම ලෝක විවාහක රූ රැජිණ ද වන කැරොලින් ජූරි මහත්මිය වේදිකාවට පැමිණ ප්‍රකාශ කලේ තරඟ නීති රීති වලට අනුව කිරුළ හිමිවිය යුත්තේ විවාහක අයෙකුට මිසක් විවාහයෙන් වෙන් වී දික්කසාදව සිටින අයෙකුට නොවන බවයි. එබැවින් අනුශූරතාවය දිනා ගත් තරඟකාරියට කිරුළ ලබා දෙන බව පවසමින් ඇය විසින් , අදාල තරඟකාරියගේ හිසෙහි පැළඳ තිබූ ඔටුන්න ගලවා දැමීය.

මේ පිළිබඳ විවාදය මේ වනවිටත් ජාත්‍යන්තර විවාහක රූ රැජිණ තේරීමේ සංවිධායක මණ්ඩලයට ඉදිරිපත්ව ඇති අතර ඒ අනුව කැරොලින් ජූරි ලෝක රූ රැජිණකට නොගැළපෙන ආකාරයකින් රූ රැජිණ තරඟයකදී කටයුතු කිරීම හේතුවෙන් 2019 වසරේ ඇයට හිමි වූ ලෝක රූ රැජිණ කිරුළ අහෝසි කිරීමට අවශ්‍ය පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති බව සඳහන් වේ.

ශ්‍රී ලංකා විවාහක රූ රැජින ලෙසින් ඊයේ තේරී පත් වුවද එම කිරුළ බලහත්කාරයෙන් ගලවා දැමීමට ලක් වූ පුෂ්පිකා ද සිල්වා මේ වනවිට ඒ සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිසියට ද පැමිණිලි කර තිබේ.

 

 

Related posts

වරූන් ධාවන් සහ නටෂාගේ විවාහය මේ වසරේදී.

Mohamed Dilsad

බොලිවුඩ් සිනමා නළු SRK දුෂ්ඨ චරිතයකින් ප්‍රේක්ෂකයන් හමුවට

Mohamed Dilsad

හංසමාලිගේ 26 වැනි උපන්දින සැමරුමේ ඡයාරූප මෙන්න

Mohamed Dilsad

Leave a Comment