ක්‍රීඩා

ක්‍රිකට් විනිසුරුවන් 18 කට වාර්ෂික කොන්ත්‍රාත්තු ලබා දෙයි

(UTV | කොළඹ) –  ක්‍රිකට් තරග විනිශ්චය කටයුතු සඳහා පූර්ණ කාලීනව කැපව සිටින පළමු පෙළ ක්‍රිකට් විනිසුරුවන් 18 දෙනෙකු සමඟ වාර්ෂික කොන්ත්‍රාත්තුවකට එළැඹීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. ගිවිසුම්ගත විනිසුරුවන්ට පත්වීම් ලිපි ප්‍රධානය ඉකුත් මාර්තු 31 වැනිදා පස්වරුවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථාන පරිශ්‍රයේදී සිදුකෙරිණ.   

 

2021 අප්‍රේල් 04

මාධ්‍ය නිවේදනයයි

ක්‍රිකට් තරග විනිශ්චය කටයුතු සඳහා පූර්ණ කාලීනව කැපව සිටින පළමු පෙළ ක්‍රිකට් විනිසුරුවන් 18 දෙනෙකු සමඟ වාර්ෂික කොන්ත්‍රාත්තුවකට එළැඹීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. ගිවිසුම්ගත විනිසුරුවන්ට පත්වීම් ලිපි ප්‍රධානය ඉකුත් මාර්තු 31 වැනිදා පස්වරුවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථාන පරිශ්‍රයේදී සිදුකෙරිණ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ විනිසුරුවරුන් වෙනුවෙන් කොන්ත්‍රාත්තුවක් ලබා දුන් පළමු අවස්ථාව ලෙසින් සනිටුහන්වනු ලබන මෙම කොන්ත්‍රාත් ලබාදීම කාණ්ඩ 3 ක් යටතේ සිදුකෙරිණ. එහිදී ජාතන්තර තලයේ පසුවන විනිසුරුවන් සිවු දෙනෙකු, නැගී එන කණ්ඩායමේ විනිසුරුවන් හය දෙනෙකු සහ පළමු පෙළ විනිසුරුවරුන් අට දෙනෙකු මේ සඳහා සුදුසුකම් සපුරා සිටියහ.

රුචිර පල්ලියගුරුගේ, රවීන්ද්‍ර විමලසිරි, ලින්ඩන් හැනිබල් සහ ප්‍රගීත් රඹුක්වැල්ල ජාත්‍යන්තර කාණ්ඩය යටතේද, කීර්ති බණ්ඩාර, දීපාල් ගුණවර්ධන, අසංග ජයසූරිය, හේමන්ත බොතේජු, රෝහිත කොට්ටහච්චි සහ රවීන්ද්‍ර කොට්ටහච්චි නැගී එන කාණ්ඩය යටතේද සහ රැන්මෝ මාටිනස්, ගාමිණී දිසානායක, ප්‍රදීප් උඩවත්ත, නිලාන් ද සිල්වා, කපිල කොට්ටහච්චි, සුසන්ත දිසානායක, විදුර ප්‍රසාද් සහ සිසිර පෙරේරා පළමු පෙළ කාණ්ඩය යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ කොන්ත්‍රාත් ගතව සිටින විනිසුරෝවෝ වෙති.

මෙම පත්වීම් ලිපි ප්‍රධානය කිරීමේ අවස්ථාව සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන විනිසුරු කමිටු සභාපති දීපාල් මදුරප්පෙරුම, අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ප්‍රධාන විනිසුරු මඬුල්ලේ (එලයිට්) සාමාජික සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විනිසුරු උපදේශක කුමාර් ධර්මසේන, ශ්‍රී ලංකා ක්‍රිකට් විනිසුරු කමිටු ලේකම් වසන්ත ලාල් ප්‍රනාන්දු සහ එම කමිටුවේ සාමාජික ඩිල්රන් අබේසේකර යන මහත්වරුද සහභාගි වූහ. මීට අමතරව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන දේශීය ක්‍රිකට් අංශ ප්‍රධානී චින්තක එදිරිමාන්න, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන විනිසුරු සංවර්ධන කළමනාකරු චානක තේනුවර සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන විනිසුරුවන්ගේ පුහුණු කලමනාකරු ටී. එච්. විජේවර්ධන යන මහත්වරුද සහභාගිවූහ.

මාධ්‍ය අංශය                            

ශ්‍රී ලංකා ක්‍රිකට්

 

Related posts

2020 ටෝකියෝ ඔලිම්පික් කමිටු ප්‍රධානි ඉල්ලා අස්වෙයි.

Mohamed Dilsad

ප්‍රබල ඉන්දියාවට දිනන්න නොදී ඇෆ්ගනිස්ථානුවන් ආසියානු කුසලානයේ ඊයේ තරඟයේදී සිදුකළ පෙරළිය

Mohamed Dilsad

ලසිත් මාලිංග ශ්‍රී ලංකා විස්සයි20 කණ්ඩායමේ නායකතත්වයට ?

Mohamed Dilsad

Leave a Comment