විදෙස්

ඉන්දියාවේ දෛනික ආසාදිතයන් ලක්ෂයක්

(UTV | ඉන්දියාව) – අද (05) පෙරවරුව වනවිට ඉන්දියාවෙන් එක් දිනක් තුළ කොරෝනා ආසාදිතයන් ලක්ෂයක් වාර්තා වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.   

ඇමෙරිකාවට පසු දිනකදී ආසාදිතයන් ලක්ෂයක් වාර්තා වූ දෙවැනි රට ඉන්දියාවයි.

අද වාර්තා වූ ආසාදිතයන් ගණන 103,558 කි. ඒ අනුව සමස්ත ආසාදිතයන් මිලියන 12.59 පසු කළේය.

පසුගිය සැප්තැම්බරයේ සිට මෙම 2021 ජනවාරි දක්වා ඉන්දියාවෙන් දෛනිකව ආසාදිතයෝ 90,000 – 98,000 ත් අතර වාර්තා විය.

කෙසේ නමුත් ජනවාරි වනවිට එය 10,000 තෙක් අඩු විය.

හිටිහැටියේ ආසාදිතයන් අඩුවීම සම්බන්ධයෙන් ඉන්දීය සෞඛ්‍ය අංශ මවිතය පළ කරන්න විය.

ආසාදිතයන් අඩු වුවත්, ඉන්දීය සෞඛ්‍ය අංශ ආසාදිතයන් සෙවීමට සිදු කළ PCR පරීක්ෂණ අඩු කළේ නැතැයි පැවැසෙයි.

කෙසේ නමුත් මාර්තු අවසන් වෙද්දී, ආසාදිතයන් යළිත් ඉහළ යෑමට පටන් ගත් අතර, දෛනික ආසාදිතයන් ලක්ෂය පසු කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

Related posts

ජපාන විදේශ ඇමති ඇතුළු නියෝජිත පිරිසක් ලබන සතියේ දිවයිනට

Mohamed Dilsad

ත්‍රස්ත ප්‍රහාරය පසුපස ඉන්දියාව සිටින බවට පාකිස්තානයෙන් චෝදනා

Mohamed Dilsad

පකිස්ථානය ජාත්‍යන්තර ආධාර ඉල්ලයි

Mohamed Dilsad

Leave a Comment