දේශීය

“සිනොෆාම්”අද සිට මෙරට චීන ජාතිකයන්ට

(UTV | කොළඹ) – චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් කොවිඩ් මර්ධන එන්නත මෙරට සිටින චීන ජාතිකයින් වෙනුවෙන් එන්නතකරණය කිරීම අදින් ආරම්භ වෙයි.   

කෙසේවෙතත් ශ්‍රී ලාංකිකයන්ට එන්නත් දීම විශේෂඥ කමිටුවක අධ්‍යයනයෙන් පසුව සිදු කෙරෙන බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය සඳහන් කළේය.

චීනයේ නිෂ්පාදිත සිනොෆාම් නමැති මෙම එන්නතේ මාත්‍රා ලක්ෂ 6 ක් පසුගිය 31 වැනිදා ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යු.එල්.869 දරණ ගුවන් යානයෙන් මෙරටට ගෙන එනු ලැබීය.

මෙම එන්නත්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලීමක් මත චීන ජනාධිපති ෂී ජින් පින් මහතා විසින් මෙරටට ප්‍රදානය කර තිබේ.

 

Related posts

කොවිඩ් මැඩලීමට ස්වේච්ඡා බළකායක් පිහිටුවයි

Mohamed Dilsad

මෙරට ගෝණුස්සන් 200 ක් සමඟ චීන ජාතිකයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

අධික උෂ්ණත්වයෙන් ඇතිවන සෞඛ්‍ය ගැටළු වළකා ගැනීමට ගතයුතු ක්‍රියාමාර්ග

Mohamed Dilsad

Leave a Comment