දේශීය

අද රටම උණුසුම් වෙයි

(UTV | කොළඹ) – ඉදිරි දින කිහිපය තුළ රටපුරා උණුසුම් කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දැනට රටට බලපා ඇති අන්තර් මෝසම් සමය තුළ එවැනි උණුසුම් කාලගුණ තත්ත්වයක් පැවතිය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මුලතිව්, වව්නියා, ත්‍රිකුණාමලය, පොළොන්නරුව, මඩකලපුව, අම්පාර සහ මොනරාගල දිස්ත්‍රික්කවලට අද වැඩි උෂ්ණත්වයක් වාර්තා විය හැකිය.

සිරුරට දැනෙන උෂ්ණත්වය පාලනය කිරීම සඳහා ප්‍රමාණවත් ජලය පානය කිරීම ඇතුළු ක්‍රියාමාර්ග ගතයුතු බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Related posts

උපකාරක පන්ති යළි ඇරඹිමේ සුදානමක

Mohamed Dilsad

සේවක භාර අරමුදල් පනතට සංශෝධන

Mohamed Dilsad

කොටස් වෙළඳපොළ ඩිජිටල්කරණය වෙයි

Mohamed Dilsad

Leave a Comment