දේශීයව්‍යාපාරික

උද්ධමනය ඉහළ යයි

(UTV| කොළඹ) – මාර්තු මස උද්ධමනය 4.1 % දක්වා ඉහළ ගොස් ඇත.    

කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මේ උද්ධමනය ගණනය කර තිබේ. උද්ධමනය 2021 පෙබරවාරි මාසයේ දී 3.3 % ක් විය.

2020 මාර්තු මාසයේ පැවැති පහළ පදනම් අගය මගින් ඇති වූ සංඛ්‍යානමය බලපෑම මේ සඳහා හේතු වූ බව මහ බැංකුව පවසයි. මේ අතර, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 පෙබරවාරි මාසයේ පැවැති 7.9 % හි සිට 2021 මාර්තු මාසයේ දී 9.6 % දක්වා ඉහළ ගියේය.

එමෙන්ම, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 පෙබරවාරි මාසයේ පැවැති 1.3 % හි සිට 2021 මාර්තු මාසයේ දී 1.8 % දක්වා ඉහළ ගියේය.

2021 මාර්තු මාසයේ දී ආහාර සහ ආහාර නොවන කාණ්ඩවල මාසික වෙනස්වීම් පිළිවෙළින්, 0.49 % ක් සහ 0.31 % ක් ලෙස වාර්තා විය. ඒ අනුව, 2021 මාර්තු මාසයේ දී ආහාර කාණ්ඩයෙහි එළවළු, අමු මිරිස්, නැවුම් මත්ස්‍ය සහ කහ කුඩු මිල ගණන් පහළ ගියේය. මේ අතර, ප‍්‍රධාන වශයෙන්, ආපනශාලා සහ හෝටල් උප කාණ්ඩයේ මිල ගණන් ඉහළ යෑම් හේතුවෙන්, ආහාර නොවන කාණ්ඩයෙහි අයිතමවල මිල ගණන්හි ඉහළ යෑමක් 2021 මාර්තු මාසයේ දී වාර්තා විය.

 

Related posts

මිලියන ගණනක් වටිනා රත්‍රන් ජෙල් සහ රත්‍රන් කුඩු හසුවෙයි

Mohamed Dilsad

පළාත් පාලන ආයතන කිහිපයක මැතිවරණයට පනවා තිබූ වාරණ නියෝගය ඉවත් කරයි.

Editor O

බස් ගාස්තු අඩුවෙයි ද ? තීරණය අද

Editor O

Leave a Comment