දේශීය

යතුරුපැදිකරුවන් 8,957කට නීතිමය පියවර

(UTV | කොළඹ) – පසුගිය මස 31 වනදා සිට පොලිසිය විසින් යතුරුපැදි සම්බන්ධ විශේෂ මෙහෙයුමක් දිවයින පුරා ආරම්භ කරනු ලැබීය.   

‍යතුරුපැදි අනතුරු අවම කිරීම සඳහා පොලිසීය විසින් දිවයින පුරා සිදුකරන ලද මෙහෙයුමක දී 8,957 දෙනෙකු විවිධ වැරදි සම්බන්ධයෙන් හඳුනාගෙන තිබේ.

අදාළ මෙහෙයම්වලින් යතුරුපැදි 295 ක් පොලිස් භාරයට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

එම යතුරුපැදි මාර්ගවල ධාවනයට නුසුදුසු තත්ත්වයේ විවිධ දෝෂ තිබූ ඒවා බවද ඔහු සඳහන් කළේය.

බීමතින් යතුරුපැදි ධාවනය කළ පුද්ගලයින් 264 දෙනෙකු ද එහිදී අත්අඩංගුවටගෙන තිබේ.

අනතුරුදායක ලෙස යතුරුපැදි ධාවනය කළ 85 දෙනෙකු, අධික වේගයෙන් යතුරුපැදි ධාවනය කළ 80ක්, ආරක්ෂිත හිස්වැසුම් නොමැතිව යතුරුපැදි ධාවනය කළ 1,298 දෙනෙකු සම්බන්ධයෙන් ද ක්‍රියාකර ඇති බවද අජිත් රෝහණ මහතා පැවසීය.

ඊට අමතරව බලපත්‍ර වැරදි සම්බන්ධයෙන් 875ක්, මාර්ග නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් 2,002ක් සහ වෙනත් වැරදි සම්බන්ධයෙන් 4,105 දෙනෙකු සම්බන්ධව ද කටයුතු කරඇති බව ඔහු පවසයි.

යතුරුපැදිවල තිදෙනෙකු ගමන් කිරීමට අදාළව 248 දෙනෙකු සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මකකර තිබේ.

 

Related posts

ඇඳිරි නීතිය කඩ කළ 45,115 දෙනෙකු පොලිස් අත්අඩංගුවට

Mohamed Dilsad

සමගි ජන බලවේගය දුරකතනයෙන් මහ මැතිවරණයට

Mohamed Dilsad

බැඳුම්කර ගණුදෙනුව ගැන යළිත් ප්‍රශ්න කරන්න සුදානම්

Mohamed Dilsad

Leave a Comment