ගොසිප්

ශ්‍රී ලංකාව වගේ ණය උගුලක පැටලෙන්නේ නෑ – ලංකාවෙන් අපි පාඩම් ඉගෙන ගන්නවා

(UTV | බංග්ලාදේශය) – චීනය සමඟ ගනුදෙනු කරද්දී, කල්පනාවෙන් කටයුතු කරන බවත්, අසල්වැසි ශ්‍රී ලංකාව මෙන් අමාරුවේ නොවැටීමට වගබලා ගන්නා බවත් බංග්ලාදේශය පවසයි.   

එරට අගමැතිනියගේ විදේශ කටයුතු උපදේශකවරයා උපුටමින් බංගලදේශ පුවත්පතක් මේ බව වාර්තා කර තිබේ.

බංග්ලාදේශ අගමැතිනී ෂෙයික් හසීනාගේ විදේශ කටයුතු පිළිබඳ උපදේශක ලෙස කටයුතු කරනු ලබන්නේ ගවුහර් රිස්වි ය.

දිළිඳු මෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවල් කීපයක් මේ වනවිටත් චීනයේ ‘ණය උගුලට’ හමුවී ඇති බවත්, ඔවුන්ට චීනයේ බලපෑමට යටත් වීමට සිදුවී ඇති බවත් ගවුහර් රිස්වි පැහැදිලි කර තිබේ.

චීනය සමඟ ගනුදෙනු කරද්දී ශ්‍රී ලංකාව අමාරුවේ වැටුණු හැටි හොඳින් අවබෝධ කර ගනිමින් සහ එයින් පාඩම් ඉගෙන ගනිමින් චීනය සමඟ ගනුදෙනු කරද්දී බංග්ලාදේශ රජය ඉතා කල්පනාවෙන් කටයුතු කරනවා යැයි ද ගවුහර් රිස්වි අවධාරණය කර තිබේ.

 

Related posts

චන්දිමාල් ජයසිංහ මෙවර උපන් දිනය සැමරූ අයුරු [PHOTOS]

Mohamed Dilsad

පළාගොස් සිටියදී අත්අඩංගුවට ගත් කොරෝනා රැඳවියා ගමන් කළ ප්‍රදේශ මෙන්න

Mohamed Dilsad

රජය විදෙස්ගත ලාංකිකයන්ගෙන් කොරෝනා මඩින්න අරමුදල් ඉල්ලයි

Mohamed Dilsad

Leave a Comment