ගොසිප්

ශ්‍රී ලංකාව වගේ ණය උගුලක පැටලෙන්නේ නෑ – ලංකාවෙන් අපි පාඩම් ඉගෙන ගන්නවා

(UTV | බංග්ලාදේශය) – චීනය සමඟ ගනුදෙනු කරද්දී, කල්පනාවෙන් කටයුතු කරන බවත්, අසල්වැසි ශ්‍රී ලංකාව මෙන් අමාරුවේ නොවැටීමට වගබලා ගන්නා බවත් බංග්ලාදේශය පවසයි.   

එරට අගමැතිනියගේ විදේශ කටයුතු උපදේශකවරයා උපුටමින් බංගලදේශ පුවත්පතක් මේ බව වාර්තා කර තිබේ.

බංග්ලාදේශ අගමැතිනී ෂෙයික් හසීනාගේ විදේශ කටයුතු පිළිබඳ උපදේශක ලෙස කටයුතු කරනු ලබන්නේ ගවුහර් රිස්වි ය.

දිළිඳු මෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවල් කීපයක් මේ වනවිටත් චීනයේ ‘ණය උගුලට’ හමුවී ඇති බවත්, ඔවුන්ට චීනයේ බලපෑමට යටත් වීමට සිදුවී ඇති බවත් ගවුහර් රිස්වි පැහැදිලි කර තිබේ.

චීනය සමඟ ගනුදෙනු කරද්දී ශ්‍රී ලංකාව අමාරුවේ වැටුණු හැටි හොඳින් අවබෝධ කර ගනිමින් සහ එයින් පාඩම් ඉගෙන ගනිමින් චීනය සමඟ ගනුදෙනු කරද්දී බංග්ලාදේශ රජය ඉතා කල්පනාවෙන් කටයුතු කරනවා යැයි ද ගවුහර් රිස්වි අවධාරණය කර තිබේ.

 

Related posts

රුපියල් කෝටි 50ක අල්ලස් මුදලක් ගත බවට හිටපු ආමාත්‍යවරයෙකුට චෝදනා

Mohamed Dilsad

එළඹෙන සතිය තීරණාත්මකයි – ජනතාව දැනටමත් හෝටල් වෙන් කරගෙන

Mohamed Dilsad

ලේඩි ගගාගේ බලු පැටවුන් වෙනුවෙන් ඩොලර් 500,000 ක්

Mohamed Dilsad

Leave a Comment