ක්‍රීඩා

එංගලන්තය හමුවේ ඉන්දියාවට අනපේක්ෂිත පරාජයක්

(UTV| ඉන්දියාව) – ඉන්දීය කණ්ඩායම සමග පැවැති දෙවන එක්දින ක්‍රිකට් තරගය කඩුලු 06කින් ජය ගැනීමට සංචාරක එංගලන්ත කණ්ඩායම සමත්ව තිබේ.    

දිවා රාත්‍රී තරගයක් ලෙස ඊයේ (26) පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්ත කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ඉන්දීය කණ්ඩායමට ලබාදුනි.

ඒ අනුව ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 336ක් ලබා ගත්තේය.

එහිදී කේ.එල් රාහුල් ලකුණු 108ක් ලබා ගැනීමට සමත්විය.

පිළිතුරු ඉනිම  සඳහා පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම පන්දුවාර 43යි පන්දු 03ක් අවසානයේ කඩුලු 04ක් දැවී සිටියදී ලකුණු 337ක් ලබා ගනිමින් තරගයේ ජය වාර්තා කළේය.

එංගලන්ත ඉනිම සඳහා ජොනී බෙයාර්ස්ටෝව් ලකුණු 124ක් ලබා ගත්තේය.

ඒ අනුව දෙරට අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය එකට එකක් ලෙස සම තත්ත්වයේ පසුවේ.

 

Related posts

මාලිංගගේ තැන ජේසන් හෝල්ඩර් ගනී

Mohamed Dilsad

නොවැක් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි

Mohamed Dilsad

නවසීලන්තයෙන් ශ්‍රී ලංකාවට අභියෝගාත්මක ඉලක්කයක්..

Mohamed Dilsad

Leave a Comment