ගොසිප්

‘මම මිලේච්ඡයෙක් නෙමෙයි ‘ – හිටපු ජනපති

(UTV | කොළඹ) – තමන් මිලේච්ඡයෙක් නොවන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.  

අද (26) පෙරවරුවේ පාර්ලිමේන්තුව අමතමින් ඔහු සඳහන් කළේ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් පෙර දැනුවත්වීමකින් නොසිටි බවයි.

ඔහු පෙන්වා දෙන්නේ පාස්කු කොමිසමේ සාක්ෂි මගින්ද එය තහවුරු වී ඇති බවයි.

පාස්කු කොමිසමේ වාර්තාව සම්බන්ධයෙන් පැවැත්වෙන පාර්ලිමේන්තු විවාද සඳහා සහභාගී නොවන ලෙස ඇතැමුන් තමන්ව දැනුවත් කළ බවද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළා.

පාස්කු ප්‍රහාර කොමිෂන් සභාවේ අවසන් වාර්තාව පිළිබඳව සභාව කල්තැබීමේ විවාදය 03 වන දිනයටත් අද පාර්ලිමේන්තුවේදී පැවැත්විය.

 

Related posts

නිරෝධායන නීති කඩ කළ රංගන ශිල්පියෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

කොරෝනාවෙන් බේරෙන්න ගවයින්ගේ මල මුත්‍රා නාන ඉන්දියානුවෝ [PHOTOS]

Mohamed Dilsad

මුහුදු මාළු ආහාරයට සුදුසුයි – නැව ගිනි ගැනීමේ බලපෑමක් නැහැ

Mohamed Dilsad

Leave a Comment