ගොසිප්

විපක්ෂ නායක කාර්යාලය රජයෙන් ඉල්ලු කෝටි 12 ලැබෙයිද?

(UTV | කොළඹ) – රුපියල් කෝටි 12ක මුදලක් ගෙවීමට මූල්‍ය ප්‍රතිපාදන ඉල්ලා විපක්ෂ නායක කාර්යාලය කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයට ලිපියක් යොමු කර තිබේ.

ඒ අගමැති ධුරය දැරූ සමයේ රනිල් වික්‍රමසිංහ මහතා චීනයේ කළ සංචාරයක් සඳහා උපදේශක සේවා ලබා ගත් විදේශීය සමාගමකට ගෙවීම සඳහාය.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ උපදෙස් මත මෙම ලිපිය යොමු කර ඇත්තේ පෙබරවාරි 20 වැනිදායි.

2016 වර්ෂයේ අප්‍රේල් මාසයේදී රනිල් වික්‍රමසිංහ මහතා මෙම සංචාරයේ නිරතව ඇත.

ඒ සඳහා උපදේශන සේවා ලබා ගැනීම කෙරෙහි නොදර්න් ස්ටාර් කන්සල්ටින්ග් කෝපරේෂන් ලිමිටඩ් නමැති සමාගම සමග සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යාංශයේ ලේකම් ලෙස සිටි චාන්දනී විජේවර්ධන ගිවිසුමක් අත්සන් කර තිබේ.

මෙම ගිවිසුමට අනුව ඇමෙරිකානු ඩොලර් 65,000ක මාසික ගාස්තුවක් සමාගමට ගෙවීමට නියමිතය.

ඒ අනුව අමාත්‍යාංශය විසින් චීනයේ බීජිං නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා එම සමාගමට ඇමෙරිකානු ඩොලර් 65,000ක මුදලක් 2016 අ​ගෝස්තු 18 වැනි දින ගෙවා ඇත.

අදාළ ගිවිසුම 2017 පෙබරවාරි 17 වැනි දින දක්වා ක්‍රියාත්මක වී ඇති අතර චීන සංචාරයේදී රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන නායකයන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමග ද්විපාර්ශ්වික සාකච්ඡාවක් සංවිධානය කිරීමට එම සමාගමට පවරා තිබුණා.

2017 මැයි මාසයේ පැවැති සේද මාවත සම්මන්ත්‍රණය ඇතුළු තවත් විශේෂ ආයෝජන සඳහා වූ සාකච්ඡා සංවිධානය කිරීමද සමාගමට පවරා තිබේ.

ඒ අනුව මෙම සමාගමට ගෙවිය යුතු හිඟ මුදල වන රුපියල් කෝටි 12ක මුදලක් ඉල්ලා විපක්ෂ නායක කාර්යාලය අමාත්‍යාංශයට ලිපියක් යොමු කර ඇත.

Related posts

ග්‍රාම නිලධාරීන් අධීක්‍ෂණයට රාජ්‍ය බුද්ධි අංශයේ නිලධාරීන්

Mohamed Dilsad

අභයාරාමාධිපතිගෙන් ආණ්ඩුවට දෝස් මුරයක්

Mohamed Dilsad

අති උතුම් පාප් වහන්සේ හදිසි කෝපයට පත්වෙයි

Mohamed Dilsad

Leave a Comment