ක්‍රීඩා

ටෝකියෝ ඔලිම්පික් උළෙලේ ගිනි සිලුව ධාවනය ඇරඹෙයි

(UTV | ජපානය) – ටෝකියෝ ඔලිම්පික් උළෙලේ ගිනි සිලුව ධාවනය අදින් ආරම්භ විය.   

ජපානයේ ෆුකුෂිමා නගරයෙන් එය ආරම්භ කිරීමට නියමිතව ඇත.

දින 121 ක් පුරා ජපානයේ කලාප 47 පුරාම ගිනි සිලුව ධාවනය කෙරෙන අතර ඒ සඳහා ධාවකයන් 10, 000 කට වැඩි පිරිසක් සහභාගී වීමට නියමිතව තිබේ.

2011 වසරේදී ෆුකුෂිමා න්‍යෂ්ඨික බලාගාරයේ සිදුවූ අනතුරෙන් විපතට පත්වූවන් අනුස්මරණයද අරමුණුකර ගනිමින් එම නගරයෙන් ගිනි සිලුව ධාවනය ආරම්භ කල බවයි ඔලිම්පික් තරග සංවිධායකයක් කියා සිටියේය.

 

Related posts

නුවන් ප්‍රදීප්ට, ලෝක කුසලාන ඉදිරි තරඟය අහිමි වෙයි

Mohamed Dilsad

තිසර හා උපුල් තරංග බංගලාදේශ තරඟ බිමට

Mohamed Dilsad

ශ්‍රී ලංකා – ඉන්දියා 20 යි 20 ක්‍රිකට් තරගාවලිය අද

Mohamed Dilsad

Leave a Comment