ක්‍රීඩා

ටයිකොන්ඩෝ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ඇගයීමේ උත්සවයක්

(UTV| කොළඹ) – 13 වන දකුණු ආසියාතික තරගාවලියේ ටයිකොන්ඩෝ ක‍්‍රීඩාවෙන් ශ‍්‍රී ලංකාවට ගෞරවය ලබාදුන් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ගේ දක්ෂතා ඇගයීම සහ අභිමානයක් ලබාදීම අරමුණු කොටගෙන ශ‍්‍රී ලංකා ටයිකොන්ඩෝ සම්මේලනය සංවිධානය කරනු ලබන උත්සවය ක‍්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ, ශ‍්‍රී ලංකාවේ කොරියානු ජනරජයේ තානාපති සහ ශ‍්‍රී ලංකා ටයිකොන්ඩෝ සම්මේලනයේ සභාපති කංචන ජයරත්න යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් තලවතුගොඩ ”ග‍්‍රෑන්ඞ් මොනාක්” හෝටලයේ දී හෙට (26) දින පස්වරුවේ උත්සවාකාරයෙන් පැවැත්වීමට නියමිතව ඇත.   

මෙම උත්සව අවස්ථාවට ග‍්‍රාමීය හා පාසල් ක‍්‍රීඩා යටිතල රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ මහතා, තරුණ හා ක‍්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අනුරාධ විජේකෝන් , ග‍්‍රාමීය හා පාසල් ක‍්‍රීඩා යටිතල රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් රවීන්ද්‍ර සමරවික‍්‍රම, ක‍්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගිවීමට නියමිතය.

 

Related posts

ලසිත් ගේ වීඩියෝවෙන් පසු ඇන්ජලෝ කළ වීඩියෝව(වීඩියෝ)

Mohamed Dilsad

Fortnite පරිගණක ලෝක ශූරතාව 16 හැවිරිදි Kyle Giersdor ට

Mohamed Dilsad

මුරලි , රොමේෂ් ඇතුළු 5 ක් මෙවර Road Safty තරගාවලියෙන් ඉවත් වෙයි

Mohamed Dilsad

Leave a Comment