දේශීය

මහෙස්ත්‍රාත් සහ විනිසුරුවරුන් 72 කට ස්ථාන මාරු

(UTV | කොළඹ) – මහෙස්ත්‍රාත්වරුන් සහ විනිසුරුවරුන් 72 දෙනෙක් සඳහා ස්ථාන මාරුවීම් ලබාදීමට අධිකරණ සේවා කොමිෂන් සභාව පියවරගෙන ඇත.   

එම කොමිෂන් සභාව තීරණය කළේ , වාර්ෂික ස්ථාන මාරුවීම් යටතේ අප්‍රේල් මස 05 වන දින සිට ක්‍රියාත්මකවන පරිදි මෙම ස්ථාන මාරුවීම් ලබා දී ඇති බවයි.

ඒ අනුව කොළඹ වැඩබලන ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයාව සිටි ආර්.එම්.එස්.බී. චන්ද්‍රසිරි මහතා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා ලෙස පත්කර ඇති අතර කොළඹ වැඩබලන දිසා විනිසුරුවරයාව සිටි ඒ.ජී. අලුත්ගේ මහතා කොළඹ දිසාවිනිසුරුවරයා ලෙස ද පත්කර තිබේ.

මෙම වාර්ෂික ස්ථාන මාරුවීම් සඳහා අද (25) දිනය දක්වා අභියාචනා ඉදිරිපත් කළ හැකි බව අධිකරණ සේවා කොමිෂන් සභාව සඳහන් කරයි.

Related posts

ශ්‍රී ලංකා ක්‍රිකට් තරග පරදින හේතුව මුල්වරට හෙළිකරයි

Mohamed Dilsad

ගම්මන්පිලට එරෙහිව විශ්වාසභංග විවාද දිනය මීළග පක්ෂ නායක රැස්වීමේදී

Mohamed Dilsad

ශානිව පත් කිරීම සිදු නොවිය යුතු දෙයක්” – සාගර කාරියවසම්

Editor O

Leave a Comment