විදෙස්

ඕස්ට්‍රේලියා – නවසීලන්ත සංචාරක බුබුලේ ආරම්භය අප්‍රේල් 6

(UTV | නවසීලන්තය) – අග්‍රාමාත්‍ය ජසින්ද ආර්ඩර්න් පවසන්නේ ට්‍රාන්ස්තාස්මන් සංචාරක බුබුලේ ආරම්භක දිනය අප්‍රේල් 6 වනදා රජය විසින් ප්‍රකාශයට පත් කරන බවයි.   

සාකච්ඡා වට 12 කින් පසු දෙපාර්ශවය අතර එකගතා මාලාවකට පැමිණීමට හැකිවූ බවයි වෙලින්ටන් අගනුවරදී පැවති ඊයේ මාධ්‍ය හමුවකදී ඇය කියා සිටියාය.

සාකච්ඡා වට 12 කින් පසු දෙපාර්ශවය අතර එකගතා මාලාවකට පැමිණීමට හැකිවූ බව ද ඇය අවධාරණය කළාය.

පශ්චාත් කැබිනට් මාධ්‍ය හමුවකදී ඇය පිළිගත්තේ නවසීලන්ත වැසියන්ට බුබුල පිළිබඳ නිශ්චිතභාවයක් අවශ්‍ය නමුත් එය “අතිශය සංකීර්ණ” බවයි.

වීසා නිකුත් කිරීම කෙරෙහි පමණක් තවදුරටත් සාකච්ඡා පැවැත්වෙන බවද අග්‍රාමාත්‍යවරිය කියා සිටියාය.

ඕස්ට්‍රේලියාව මෙන්ම නවසීලන්තයද සතුටුදායක මට්ටමකට කොවිඩ් වෛරසය පාලනය කර ඇති බැවින් මෙම සංචාරක බුබුළ ඇති කිරීමට යෝජනා වී ඇත.

Related posts

කොවිඩ් 19 ආසාදනය වීමෙන් මිය ගිය ගණන 1489 දක්වා ඉහළ යයි

Mohamed Dilsad

චාර්ල්ස් කුමරුටත් කොරෝනා

Mohamed Dilsad

ඕනෑම ප්‍රහාරයකට එරෙහිව ඇමරිකා එක්සත් ජනපදයට සහ ඊශ්‍රායලයට ප්‍රතිප්‍රහාර එල්ල කරන බව ඉරානයෙන් අනතුරු ඇඟවීම්

Editor O

Leave a Comment