විදෙස්

දශක කිහිපයකට පසු ඕස්ට්‍රේලියාවට බලපෑ දරුණුතම ජල ගැලීම

(UTV | ඕස්ට්‍රේලියාව) – දශක කිහිපයකට පසු ඕස්ට්‍රේලියාවට බලපා ඇති දරුණුතම ජල ගැලීම් තත්ත්වය හේතුවෙන් සිඩ්නි නගරවාසීන් දහස් සංඛ්‍යාත පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් කර ඇති බව විදෙස් මාධ්‍යවාර්තා සඳහන් කරයි.

1961 වසරෙන් පසු එරට ගංගා රැසක් ඉහළම ජල මට්ටම් වාර්තා කර ඇති බව ද එම වාර්තාවල දැක්වෙයි.

පාසල් සහ කාර්යාල රැසක් වසා දමා ඇති අතර අභ්‍යන්තර ගුවන් ගමන් සිදු කෙරෙන ගුවන් තොටුපළද වසා දමා ඇති බව එරට මාධ්‍ය පවසයි.

පවතින තත්ත්වය ඉදිරි දින කිහිපය තුළද පැවතිය හැකි බවට ඕස්ට්‍රේලියාවට කාළගුණ අංශ අනතුරු අගවා ඇත.

 

Related posts

ට්‍රම්ප්ගෙන් FBIයට චෝදනාවක්

Mohamed Dilsad

ඉන්දීය ධීවර යාත්‍රා වහාම ගෙන්වා ගන්නැයි අධිකරණ නියෝගයක්

Mohamed Dilsad

ඔබේ facebook ගිණුමත් අනාරක්ෂිතද?

Mohamed Dilsad

Leave a Comment