කලා

ක්‍රිතිටත් සුපිරි චිත්‍රපටයකට ඇරයුම්

(UTV | ඉන්දියාව) – බොලිවුඩ් සිනමා නිළි ක්‍රිති ෂැනොන්ටද මේ වනවිට සුපිරි චිත්‍රපටයක් සඳහා එක්වීමට ආරාධනා ලැබී ඇතැයි වාර්තා වෙයි. ඒ ඕම් රවුත් විසින් අධ්‍යක්ෂණය කරන ‘අධිපුරුෂ්’ චිත්‍රපටය සඳහාය.

මෙහි ක්‍රිති සමගින් ප්‍රධාන චරිත සඳහා එක්වන්නේ ප්‍රභාස් හා සායිෆ් අලී ඛාන් දෙදෙනාය.

ඉහළ නිෂ්පාදන පිරිවැයක් දරා නිර්මාණය කරන මෙම චිත්‍රපටය මේ වසරේ අගදී ප්‍රදර්ශනය කිරිමට සූදානම් කර තිබෙන බව වාර්තා වෙයි.

‘බාහුබලී’ චිත්‍රපට දෙක හා ඉන්පසුව තිරගත වූ ‘සහෝ’ චිත්‍රපටයෙන් පසුව ප්‍රභාස් සිනමා ප්‍රේක්ෂකයන් හමුවන්නේ මෙම චිත්‍රපටය හරහා වීම විශේෂත්වයකි.

 

Related posts

සුෂාන්ත්ගේ මරණය ගැන ඉන්දීය අගමැතිගේ ශෝකය

Mohamed Dilsad

පුජා භාට් දේශපාලනයට එන්න දරණ වැයමක්

Mohamed Dilsad

ගින්නෙන් උපන් සීතල 18 වැනිදා සිට සී.ඊ.එල් මණ්ඩලයේ.

Mohamed Dilsad

Leave a Comment