විදෙස්

නෙදර්ලන්තය ඇස්ට්‍රා -සෙනෙකා එන්නත භාවිතය අත්හිටුවයි

(UTV | නෙදර්ලන්තය) – ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා -සෙනෙකා එන්නත භාවිතය තාවකාලිකව අත්හිටුවීමට නෙදර්ලන්තය ද තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.   

අතුරු ආබාධ ඇතිවීමේ අවධානම සැළකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇති බව අදාළ වාර්තාවල දැක්වේ.

ලබන 29 වනදා තෙක් මෙම නියෝගය බලපැවැත්වෙන බව නෙදර්ලන්ත රජය නිවේදනය කර තිබේ.

මේ වනවිට යුරෝපයේ රටවල් රැසක් විසින් ඇස්ට්‍රා -සෙනෙකා එන්නත භාවිතය අත්හිටුවා ඇත්තේ රුධිර කැටි ඇතිවීම ඇතුලු විවිධ කරුණු සැළකිල්ලට ගෙනයි.

කෙසේවෙතත් ඇස්ට්‍රා-සෙනෙකා එන්නත නිෂ්පාදන සමාගම අවධාරණය කරන්නේ එන්නතට අදාළව වාර්තාවී ඇති සුලු සිදුවීම් කිහිපය සහ එන්නතේ අතුරු ආබාධ අතර කිසිදු සබඳතාවයක් නොමැති බවයි.

ඩෙන්මාර්කය , නෝර්වේ , බල්ගේරියාව යන යුරෝපා රටවලට අමතරව තායිලන්තයත් මේ වනවිට ඇස්ට්‍රා-සෙනෙකා එන්නත භාවිතයට ගැනීම තාවකාලිකව අත්හිටුවා ඇත.

 

 

 

 

Related posts

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඇමෙරිකාවේ සංචාරයක

Mohamed Dilsad

චිලී රාජ්‍යයේ සිදුවූ අනතුරකින් පුද්ගලයන් 21 ක් මරුට

Mohamed Dilsad

හැරී-මේගන් පුවත්පත් ආයතන 2කට එරෙහිව නීතිමය පියවර ගනී

Mohamed Dilsad

Leave a Comment