දේශීය

කොළඹ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට කොවිඩ් එන්නත ලබාගත හැකි ආකාරය

(UTV | කොළඹ) – කොළඹ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට කොවිඩ් එන්නත දෙන්න වේලාවක් වෙන් කර ගත යුතු බව කොළඹ නගර සභාව දැනුම් දෙයි.    

ඒ අනුව කොළඹ මහනගර සභා වෙබ් අඩවිය (www.colombo.mc.gov.lk),e-chaneling.com බෙව් අඩවිය හෝ e-channeling ජංගම යෙදුව මගින් වේලාවක් ස්වයංක්‍රීයව වෙන්කරවා ගත යුතු අතර ඒ සඳහා කිසිඳු අතරමැදියෙකු අවශ්‍ය නොවනබවද නගර සභාව දැනුම් දෙයි.

මීට අමතරව , ඊයේ දිනය වන විට පුද්ගලයන් 773,011 දෙනෙකුට කොවිඩ් මර්දන එන්නත ලබාදී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කරයි.

ඊයේ දිනය තුල පමණක් 2603 දෙනෙකුට එන්නත ලබාදී තිබේ.

මෙරට තුල කොරෝනා එන්නත ලබාදීම ආරම්භ කෙරුනේ ජනවාරි 29 වනදායි.

 

Related posts

අභාවප්‍රාප්ත ජෝශප් මයිකල් පෙරේරාගේ දේහය පාර්ලිමේන්තුවට

Mohamed Dilsad

විපක්ෂ නායක කාර්යාලය ජනතාව වෙනුවෙන්

Mohamed Dilsad

ශෂීගේ ඇප ඉල්ලීම සළකා බැලීම කල්යයි

Mohamed Dilsad

Leave a Comment