දේශීය

මෙරටට පැමිණෙන ලාංකිකයන් නිරෝධායනය වන දින ගණන පිළිබඳ අද විශේෂ තීන්දුවක්

(UTV | කොළඹ) – විදේශයන්හි සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් නිරෝධායන මධ්‍යස්ථාන තුල රැඳී සිටිය යුතු දින ගණන දින 07 ක් දක්වා අඩු කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් අද (15) දිනයේදී ගැනීමට නියමිතයි.   

අද රැස්වන කොවිඩ් 19 තාක්ෂණික කමිටුවේදී ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය.

යුධ හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් මෙම ඉල්ලීම කර තිබුණි.

විදේශයන්හි සිට මෙරටට පැමිණෙන ලාංකිකයන් හෝටල් තුළ නිරෝධායනය වීමේදී මුහුණදීමට සිදුවන විවිධ අපහසුතා පිළිබඳ සළකා මෙම ඉල්ලීම ඉදිරිපත් කල බවද යුද හමුදාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

 

Related posts

අම්බලන්ගොඩ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

Mohamed Dilsad

රුධිර පාරවිලන සේවාවද අඩාල වෙයි

Mohamed Dilsad

සියළු බැංකු වෙත නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment