කලා

කොරෝනා අතුරු ප්‍රතිඵලයක් හැටියට මගේ ඇස් පෙනීම ඉතාම දුර්වල වෙලා

(UTV | ඉන්දියාව) – කොරෝනා වැළඳී සැන් සුව තත්ත්වයේ පසුවන අමිතාබ් බච්චන්ට ඇස් අන්ධව යෑමේ ප්‍රවණතා පෙන්නුම් කරන බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.   

වෛද්‍යවරු නිගමනය කොට තිබෙන්නේ මෙය කොරෝනා වෛරසයේ අතුරුඵලයක් ලෙසයි.

අවුරුදු 60 න් හෝ 70 න් පසුව කොරෝනා වැලඳෙන බොහෝදෙනකු එවැනි අතුරු ආබාධයනට මුහුණදෙන බව වෛද්‍ය මත හරහා අනාවරණය කර ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

“මම කොරෝනාවේ අතුරු ප්‍රතිඵලයක් නිසා ඇස් නොපෙනී යෑමේ උවදුරකට මුහුණදී සිටිනවා, මට පොත කියවන්නවත් බැහැ අකුරු පෙනෙන්නේ නැහැ. ලියන්න බැහැ . කිසිවකු එකවර හඳුනා ගන්න බැහැ. ඇස් බොඳ වෙලා පෙන්නේ. ලොව නිෂ්පාදිත හොඳම උපැස් යුවල භාවිතයට ගත්තද මගේ පෙනීම තවමත් හොඳ වෙලා නැහැ. මේ වයසේදී අක්ෂි සැත්කම් කරන එක අවධානම් කියලයි වෛද්‍යවරුන් කියන්නේ. ඒ නිසා විශාල පරිමාණයේ සැත්කමක් කරන්න මගේ අදහසක් නැහැ. මගේ එක් ඇසක් සැත්කමකට භාජනය කළා. අනෙක් ඇස සඳහා එම සැත්කම කිරීමට තව මඳ කාලයක විරාමයක් අවශ්‍යව තියෙනවා….” යැයි ප්‍රවීණ හා ජනප්‍රිය නළු අමිතාබ් බච්චන් පවසයි.

 

Related posts

අර්ෆිතා ඛාන් යළිත් වරක් මව් පදවිය ලබයි

Mohamed Dilsad

අනුෂ්කා සහ කෝලි නිවාඩුවකට සැරසෙයි

Mohamed Dilsad

“ෆිල්ටි” ට ඇප

Mohamed Dilsad

Leave a Comment