ගොසිප්

රටේ ප්‍රශ්න කියන්නෙ කෙනෙක් නෑ..එංගලන්තෙ මහ රැජිනට පැමිණිලි කරනවා

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද රටෙ ප‍්‍රශ්ණ කියන්න අහන්න කෙනෙක් නැති තත්වයට රට පත්ව ඇතැයි නාරාහේන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුට්තෙට්ටු‌වේ ආනන්ද හිමියන් සඳහන් කරයි.   

උන්වහන්සේ මේ බව පවසා සිටියේ කොළඹ දී අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මෙම හේතුව මත එංගලන්තයේ මහ රැජිනට රටේ ප‍්‍රශ්ණ ගැන දැනුවත් කරන්නට තමන් වහන්සේ ඉදිරියේදී කටයුතු කරන බවද උන් වහන්සේ කීහ.

අද රටේ නුසුදුස්සන් ලොකු පුටුවලට පත් කරන සුදුස්සන් පැත්තකට දමා ඇතැයිද කී එහිමියෝ රට ඉදිරියට යන්නට නම් පලමු කොටම පී.බී. ජයසුන්දර මහතා ජනාධිපති ලේකම් ධුරයෙන් ඉවත් කල යුතු බවද පැවසූහ.

මීට අමතරව යුක්තිය උදෙසා යතිවර පාරමිතාව නමින් ඊයේ දිනයේදී (11) ත්‍රෛනිකායික මහා සංඝරත්නය කොළඹ නිදහස් චතුරශ්‍රයට එක්ව පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳව විමර්ශන කොමිෂන් සභාවේ වාර්තාව දැඩි ලෙස විවේචනයට ලක් කරන ලදී.

අන්තවාදී ක්‍රියා නොකොට අවි ආයුධ එක්රැස් නොකොට ප්‍රහාර සහ ප්‍රචණ්ඩ ක්‍රියා සිදුනොකළ සිංහල බෞද්ධ සංවිධාන වලට එරෙහිව නගා තිබෙන චෝදනා වහාම අත්හිටවන ලෙසත් වහබ් වාදය සහ අන්තවාදය පතුරන අන්තවාදී මුස්ලිම් සංවිධාන මෙම වාර්තාවෙන් ඉවත් කර තිබීම විමතියට කරුණක් ලෙස උලපනේ සුමංගල නායක ස්වාමීන් වහන්සේ වදාළහ.

මෙහිදී බොදුබලසේනාවේ කැඳවුම්කරු ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්ස ප්‍රකාශකර සිටියේ ඉතා හොඳ මට්ටමේ තිබූ කොමිෂන් සභාව අවසාන කාලයේ දී යම් පුද්ගලයෙකුගේ උවමනාව මත සම්පූර්ණයෙන්ම වාර්තාව විකෘති කළ බවත්, සාක්ෂි සහිතව එය ඔප්පු කළ හැකි බවත්ය.

 

Related posts

කොරෝනා ඖෂධ පැණිය පානය කළ පුද්ගලයෙකුත් ලෙඩ වෙයි

Mohamed Dilsad

දේශීය සංචාරකයන්ට යා නොහැකි හෝටල්වල බලපත්‍ර අවලංගුයි

Mohamed Dilsad

ඉතා වේගයෙන් ව්‍යාප්ත වන නව කොරෝනා වෛරස් ප‍්‍රභේදයක් ලංකාවේත්

Mohamed Dilsad

Leave a Comment