දේශීය

පෘථිවියට ආසන්නයෙන් අනතුරුදායක දැවැන්ත උල්කාවක්

(UTV | ඇමරිකාව) – මෙම මස 21 වෙනිදා පෘථිවිය ආසන්නයෙන් දැවැන්ත උල්කාවක් ගමන් කරන බවට ඇමරිකානු නාසා ආයතනය ප්‍රකාශ කළේය.   

අඩි 3,000ක පමණ විෂ්කම්භයෙන් යුත් මෙම දැවැන්ත උල්කාව පෘථිවියට ඉතාම ආසන්නව ගමන් ගන්නා හෙයින් එය අනතුරුදායක විය හැකි බවට විද්‍යාඥයින් මත පළ කරයි.

මීට විසි වසරකට පෙර සොයා ගැනුනු 2001 – එෆ් ඕ 32 ලෙස නම් කෙරුණු මෙම උල්කාව පෘථිවියට සැතපුම් මිලියන 1.5 ක් තරම් ආසන්නයෙන් ගමන් කරනු ඇති.

එය, දළ වශයෙන් පෘථිවිය සහ සඳ අතර පවතින දුර මෙන් පස් ගුණයක්.

කෙසේ නමුත් එය අනතුරුදායක විය හැකි උල්කාවක් ලෙසයි විද්‍යාඥයන් නම් කර ඇත්තේ.

 

Related posts

පළාත් පාලනය ආයතන කිහිපයක නාම යෝජනාවලට අදාළව, අධිකරණ නියෝගයක්

Editor O

ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

Mohamed Dilsad

ජනතා බදු මුදලින් නඩත්තුවෙන වාහනවලින්, පොලිස් ආරක්ෂාව යටතේ යෝෂිත මල්ලි කොළඹ ට එක්කගෙන ආපු පොලීසියට නාමල් රාජපක්ෂ ස්තුති කරයි.

Editor O

Leave a Comment