දේශීය

මිනිස් ජාවාරමේ නිරතවන්නන් සොයා පොලිස් විමර්ශණ

(UTV | කොළඹ) – මුහුදු මාර්ගය ඔස්සේ කැනඩාවට පළා යාමට තැත්කිරීමේදී අත්අඩංගුවට පත් වූ පුද්ගලයින් 24 දෙනාව මෙහෙයවූ ජාවාරම්කරුවන් සොයා පොලිස් විමර්ශණ ආරම්භ කර ඇති බව පොලිසිය පවසයි.   

අදාළ පුද්ගලයින් 24 දෙනා අද (12) දිනයේදී පුත්තලම අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවත් , ඔවුන් සම්බන්ධයෙන් උපරිම නීතිමය පියවර ගන්නා බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

මේ අතර , මත්ද්‍රව්‍ය වැටලීම් 150 කට ආසන්න සංඛ්‍යාවක් ඊයේ දිනය තුළ මෙරටදී ක්‍රියාත්මක කළ බව පොලීසිය පවසයි.

මෙහිදි අත්අඩංගුවට ගැණුනු සැකකරුවන් සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

දකුණු ආසියාවේ වායුගෝලීය ගුණාත්මක බාවයෙන් ඉහළම රට ලංකාව

Mohamed Dilsad

බස් රථ ධාවනය අද අඩු මට්ටමක

Mohamed Dilsad

හමුදාව කැඳවමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

Editor O

Leave a Comment