දේශීය

යාපනය – චෙන්නායි ඍජු ගුවන් ගමන් කඩිනමින් ඇරඹීමට සැලසුම්

(UTV | කොළඹ) – කොවිඩ් වසංගතය හේතුවෙන් අත්හිටුවා තිබූ යාපනය – චෙන්නායි ඍජු ගුවන් සේවා කඩිනමින් ආරම්භ කිරීමට රජය සැලසුම් කර ඇති බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.   

ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර ආරම්භ කිරීමට අපේක්ෂා කරන සංචාරක ගුවන් බුබුළ සංකල්පය යටතේම මෙය ද ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව අමාත්‍යවරයා සඳහන් කරයි.

ඉන්දියානු රජයේ ආධාර යටතේ රුපියල් මිලියන 300 ක් වැය කරමින් ඉදි කෙරෙන මඩු වන්දනාව සඳහා සහභාගි වන බැතිමතුන් සඳහා වූ අතරමැදි නිවාස ඒකක 144 ක ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවට ඊයේ (11) එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මේ අතර , රත්මලාන – යාපනය සහ මඩකලපුව අතර අභ්‍යන්තර ගුවන් සේවාද කඩිනමින් ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.

තවද යාපනය හා මඩකළපුව ගුවන් තොටුපළ ජාත්‍යන්තර ගුවන් තොටුපළ ලෙස සංවර්ධනය කිරීම රජයේ අපේක්ෂාවයි.

 

 

 

Related posts

2021 වසර සඳහා වන අයවැය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි

Mohamed Dilsad

පාසල් නිල ඇඳුම් හා පාවහන් තිළිණපත්වල වලංගු කාලය දීර්ඝ කෙරේ

Mohamed Dilsad

“ඉන්දු – ශ්‍රී ලංකා සහයෝගිතාවයේ සීමාව අහසයි”

Mohamed Dilsad

Leave a Comment