විදෙස්

අයිවරි කෝස්ට් හි අගමැති ජර්මනියේ දී අභාවප්‍රාප්ත වෙයි

(UTV | අයිවරි කොස්ට්) – අයිවරි කොස්ට් හි අග්‍රාමාත්‍යවරයා ජර්මනියේ රෝහලකදී මියගිය බව එරට රජය නිවේදනය කර ඇත.  

සිය 56 වන උපන්දිනය සැමරීමට දින කිහිපයක් තිබියදී ඔහු අභාවප්‍රාප්ත විය.

හමෙඩ් බකයෝකෝ මහතා මියයන විට පිළිකා රෝගයට ප්‍රථිකාර ලබමින් සිටියේය.

මීට පෙර අයිවරි කෝස්ට් හි අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ අමදු ගොන් කුලිබාලිගේ හදිසි අභාවයෙන් පසු පසුගිය වසරේ ජුනි මාසයේ බකයෝකෝ මහතා අග්‍රාමාත්‍ය ධූරයට පත්විය.

වෛද්‍ය පරීක්ෂණ සඳහා පෙබරවාරි මාසයේ දී බකයොකෝ මහතා ප්‍රංශයට ගෙනයන ලද අතර පසුව ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහීම හේතුවෙන් ජර්මනියට මාරු කරන ලදී.

මාධ්‍ය ප්‍රධානියෙකු ලෙස කටයුතු කළ හෙතෙම පසුව දේශපාලනට පිවිසි අතර අග්‍රාමාත්‍ය ලෙස පත්වීමෙන් අනතුරුව අයිවරි කෝස්ට් හි සිවිල් යුද්ධයේ ප්‍රමුඛ මැදිහත්වීමේ කාර්යභාරයක් ඉටු කළේය.

අග්‍රාමාත්‍යවරයාගේ භූමිකාව හැරුණු විට රටේ ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ද බකයොකෝ මහතා කටයුතු කළේය.

අයිවරි කෝස්ට්, අප්‍රිකාවේ බටහිර වෙරළ ආසන්නයේ පිහිටා ඇති රටකි.

 

Related posts

ලොවපුරා කොරෝනා ආසාදිතයින් ගණන මිලියනය ඉක්මවයි

Mohamed Dilsad

ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් 1,150,000 ඉක්මවයි

Mohamed Dilsad

ඊශ්‍රායලයේ ජනතාවට කොවිඩ් එන්නතේ 3 වන මාත්‍රාවත් ලබාදේ

Mohamed Dilsad

Leave a Comment