දේශීය

කොළඹ ට්‍රැෆික් අඩු කරන්න අලුතින් රේල් පාරවල් 03 ක්

(UTV | කොළඹ) – කොළඹ රථවාහන තදබදය අවම කිරීමට තදාසන්න ප්‍රදේශ ආවරණය වන පරිදි දුම්රිය මාර්ග 03 ක් ඉදිකිරීමට යෝජනා වී ඇතැයි මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව රාගම සිට කොළඹ, කොටුව හරහා කිරුළපන දක්වාත්, මොරටුව – පිළියන්දල – නාරාහේන්පිට හරහා කැලණිය දක්වාත්, කොට්ටාව – පන්නිපිටිය – තලවතුගොඩ හරහා හුණුපිටිය දක්වාත්, මෙම දුම්රිය මාර්ග පද්ධතිය ඉදිකිරීමට යෝජනා වී තිබේ.

මේ පිළිබඳව අග්‍රාමාත්‍ය හා මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පසුගිය දා මුදල් අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී ප්‍රකාශ කර තිබේ.

මෙම දුම්රිය මාර්ග ව්‍යාපෘතිය අදියර කිහිපයක් යටතේ ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිතය.

 

Related posts

රාජ්‍ය ආයතන ප්‍රධානීන් හට ජනපතිගෙන් විශේෂ දැනුම් දීමක් [RELEASE]

Mohamed Dilsad

ෆයිසර් එන්නත් තොගයක් දිවයිනට

Mohamed Dilsad

ශ්‍රී ලංකාවට ධරණීය සංවර්ධනය පිළිබඳ හත්වැනි ආසියා පැසිෆික් සංසදයේ සභාපතිත්වය

Mohamed Dilsad

Leave a Comment