දේශීය

කොවිඩ් හේතුවෙන් බදුල්ල රෝහලේ පිළිකා වාට්ටුව තාවකාලිකව වසා දැමේ

(UTV | බදුල්ල) – බදුල්ල රෝහලේ පිළිකා රෝගීන්ට ප්‍රතිකාර කරනු ලබන වාට්ටුව තාවකාලිකව වසා දමා තිබේ.

ඒ අද දිනයේදී ලැබූ PCR පරීක්ෂණ වාර්තා මගින් එම වාට්ටුවෙන් කොවිඩ් ආසාදිතයින් 31 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි.

ඒ අනුව වෛද්‍යවරයෙකු , රෝහල් කාර්ය මණ්ඩලය සේවකයෙකු , රෝගීන් සහ රෝගීන් බලා ගැනීම සඳහා පැමිණි 29 දෙනෙකු මෙලෙස ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.

පසුගිය 02 වෙනිදා මෙම වාට්ටුවේ සේවය කරනු ලැබූ හෙදියක කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසු තවත් හෙදියක සහ කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සේවකයින් දෙදෙනෙකු ද කොරෝනා වෛරස ආසාදිතයන් බවට ඊයේ දිනයේදී ලද PCR වාර්තා මගින් තහවුරුවී ඇත.

 

Related posts

ජනපති කොමිසමේ පැමිණිලි භාර ගැනීම හෙටින් අවසන්

Mohamed Dilsad

ඇවන්ගාඩ් නඩුවේ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කරයි

Mohamed Dilsad

විදුලි බිල්පත් නොගෙවීමෙන් විදුලිබල මණ්ඩලය අර්බුදයක

Mohamed Dilsad

Leave a Comment