ක්‍රීඩා

කොදෙව්වන්ට කඩුලු 4 කින් ජය – අකිලගෙන් සුපිරි පන්දු යැවීමක්

(UTV | බටහිර ඉන්දියාව) – ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවති පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරඟයෙන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම කඩුලු 04 කින් ජය ගැනීමට සමත් විය.

මෙම තරඟයේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ නායක කිරාන් පොලාර්ඩ් විසින් එක් පන්දු ඕවරයක් තුලදී පිට පිට හයේ පහරවල් 06 ක් එල්ල කිරීමට සමත්වූ අතර අකිල ධනංජය කඩුලු ත්‍රිත්වයක් දවා ගැනීමට සමත්වීම සුවිශේෂි සිදුවීම් අතර විය.

කාසියේ වාසිය හිමිකරගත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම තීරණය කළේ පළමුව පන්දු රැකීමටයි.

ඒ අනුව පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 තුළ කඩුලු 09 ක් දැවී ලකුණු 131 ක් රැස් කළහ.

ලකුණු 132 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යන කොදෙව් කණ්ඩායම පන්දුවාර 13.1 ක් අවසානයේ කඩුලු 06 ක් පමණක් දැවී ලකුණු 132 ක් රැස්කරමින් තරගය ජයග්‍රහණය කිරීමට සමත්වුවා.

මෙම තරඟයේ කොදෙව් පිලට එරෙහි සිව්වන පන්දුවාරය ක්‍රියාත්මක කළ අකිල ධනංජය කඩුලු ත්‍රිත්වයක් ලබාගැනීම ද විශේෂත්වයක්.

අකිල ධනංජය තරගයේ යැවු 05 වන පන්දු ඕවරයේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ නායක කිරාන් පොලාර්ඩ් විසින් පිට පිට හයේ පහරවල් 06ක් එල්ල කිරීමට සම්ත්වුවා. මෙය සීමිත ඕවර තරග ඉතිහාසයේ පිතිකරුවෙකු පිට පිට පන්දු 06 කදී හයේ පහරවල් 06ක් එල්ල කරනු ලැබූ තෙවන අවස්ථාවයි.

 

Related posts

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් සංචිතයේ පුහුණූවීම් හෙටින් ඇරඹේ

Mohamed Dilsad

ක්‍රීඩකයන් ආබාධයට ලක්වීම සම්බන්ධයෙන් මිකී ආතර්ගෙන් ප්‍රකාශයක්

Mohamed Dilsad

බ්‍රිගේඩියර් මහේෂ් වොලිබෝල් දෙවැනි පුටුවට

Mohamed Dilsad

Leave a Comment