ක්‍රීඩා

PCL තරඟාවලිය අතරතුර තවත් තිදෙනෙකුට කොරෝනා

(UTV | පාකිස්තානය) – පාකිස්තාන සුපර් ලීග් තරගාවලියට ක්‍රීඩා කරන විදෙස් ක්‍රීඩකයින් දෙදෙනෙකුට සහ සහාය කාර්ය මණ්ඩල සාමාජිකයෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වෙයි.

ඒ, ඉස්ලාමාබාද් යුනයිටඩ් කණ්ඩායමේ දග පන්දු යවන ක්‍රීඩක ෆාවඩ් අහමඩ්ට වෛරසය ආසාදනය වී ඇති බවට අණාවරණය වී දිනකට පසුවයි.

වෛරසය ආසාදනය වූ බවට අලුතින් හදුනා ගැණුනු අදාළ ක්‍රීඩකයින් දෙදෙනාගෙන් එක් අයෙකු ද ඉස්ලාමාබාද් කණ්ඩායමේ ක්‍රීඩකයෙකු බව ද සඳහන්.

කෙසේ වෙතත්, ෆාවඩ් අහමඩ්ට වෛරසය ආසාදනය වූ බව තහවුරු වීමත් සමග පසුගිය පළමු වැනිදා කල් දැමීමට කටයුතු කෙරුණු ඉස්ලාමාබාද් යුනයිටඩ් සහ ක්වෙට්ටා ග්ලැඩියේටර්ස් කණ්ඩායම් අතර තරගය සැලසුම් කළ පරිදි ඊයේ (02) දිනයේ දී පැවැත්වීමට කටයුතු කරනු ලැබීය.

 

Related posts

බංග්ලාදේශ කි‍්‍රකට් කී‍්‍රඩකයෙකුටත් කොරෝනා

Mohamed Dilsad

වනිදු හසරංගගෙන් වාර්තාවක්

Editor O

යුවරාජ් සිං ක්‍රීඩා පිටියෙන් සමුගැනීමට සුදානම්

Mohamed Dilsad

Leave a Comment