දේශීය

ශ්‍රී ලංකාව ගැන යෝජනාව අද ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට

(UTV | කොළඹ) – මහා බ්‍රිතාන්‍ය ප්‍රමුඛ රටවල් කිහිපයක් එක්ව ශ්‍රී ලංකාවට එරෙහිව ගෙන එන යෝජනාව අද (01) දිනයේදී ජිනීවා මානව හිමිකම් කවුන්සිලය වෙත භාරදීමට නියමිතයි.

ඊට අදාළ ඡන්ද විමසීම ලබන 19 වනදා සිදුකිරීමට නියමිත බව සඳහන්.

මෙම යෝජනාවේ පිටපතක් මේ වනවිටත් විදේශ අමාත්‍යාංශය වෙත ලැබී ඇත.

විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සඳහන් කළේ මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බැචලෙට් පසුගියදා ඉදිරිපත් කළ වාර්තාවේ ඇතුළත් ඇතැම් කරුණු මෙම සම අනුග්‍රාහකත්ව යෝජනාවේ අන්තර්ගත නොවන බවයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය නියෝජනය කරන රටවල් 193 ක් අතරින් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ ඡන්ද බලය හිමි රටවල් ගණන 47 ක්.

30/1 යෝජනාවෙන් එකගවූ පරිදි සාමය – වගවීම සහ ප්‍රතිසන්ධානය ප්‍රවර්ධනය කල යුතු බවට 40/1 නම් මෙම නව යෝජනාවේ අන්තර්ගත වෙයි.

 

 

Related posts

ගංවතුර ගැන අනතුරු ඇඟවීමක්

Mohamed Dilsad

ජලයෙන් යටවූ හලාවත මහ රෝහල තාවකාලිකව වසා දමයි

Editor O

එක්සත් ජාතික පක්ෂයේ 78වන සංවත්සරය අද

Editor O

Leave a Comment