කලා

‘පිකේ’ චිත්‍රපටයේ දෙවැන්නකට සූදානම් වෙයි

(UTV | ඉන්දියාව) – 2014 වසරේ ප්‍රදර්ශනය වූ විදූ විනෝද් චොප්රා නිෂ්පාදනය කළ ‘පිකේ’ චිත්‍රපටයේ දෙවැන්නක් නිර්මාණය කරන්නට සූදානම් වන බවට බොලිවුඩයෙන් තොරතුරු වාර්තා වෙයි.

ඒ පිළිබඳව අදහස් දක්වන චිත්‍රපට නිෂ්පාදක විදූ පවසන්නේ ‘පිකේ’ පළමු වැන්න අවසන් වූයේ අමිර් විසින් රන්බීර්ව පෘථිවියට ගෙන එන දර්ශනයක් නිසාවෙන් එහි දෙවැන්නක් නිර්මාණය කරන්නට මේ වනවිට බොහෝ ඉල්ලුමක් කර ඇති බවය.

එමෙන්ම ඔහු පවසන්නේ එහි අවසානයට රන්බිර්ව සම්බන්ධ කරගත් නිසාවෙන් ‘පිකේ’ දෙවැන්න ඔහු හරහා නිර්මාණය කරන්නට උත්සාහ කරන බවයි.

කෙසේ වෙතත්, ඔහු වැඩිදුරටත් අදහස් දකවන්නේ ‘පිකේ’ ලියූ අභිජාත් ජෝෂි තවමත් මේ සම්බන්ධව තිර පිටපතක් ලියා නොමැති බවය. ඔහු එය ලියූ දවසට මෙහි දෙවැන්න නිර්මාණය වනු ඇතැයි විදූ අවසානයේ පවසා තිබේ.

 

Related posts

2017 ඔස්කා සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටය

Mohamed Dilsad

දීපිකා instergram පළමු තැනට

Mohamed Dilsad

කරිනාට නෙගටිව්

Mohamed Dilsad

Leave a Comment