කලාවිදෙස්

ඓශ්වර්යා සහ ඇගේ දියණිය රෝහලෙන් පිටව යයි

(UTV | ඉන්දියාව) – කොවිඩ් -19 ආසාදනය වීම හේතුවෙන් මුම්බායිහි පිහිටි නැණවතී රෝහල වෙත ඇතුළත් කළ බොලිවුඩයේ සුපිරි නිළි ඓශ්වර්යා රායි බච්චන් සහ ඇගේ 8 හැවිරිදි දියණිය වන ආරාධ්‍යා මේ වන විට රෝහලෙන් පිටව ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඇය සහ දියණිය සතියකට වැඩි කාලයක් රෝහල්ගතව ප්‍රතිකාර ලැබීමෙන් පසුව මෙසේ සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බව ඇගේ සැමියා වන අභිෂේක් බච්චන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේය.

කෙසේවෙතත් ඓශ්වර්යා රායිගේ නැන්දණිය වන ඡයා බච්චන්ට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැත.

ඇයගේ මාමණ්ඩිය වන 77 හැවිරිදි අමිතාබ් බච්චන් සහ සැමියා වන අභිෂේක් බච්චන් ද කොරෝනා වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබන්නේ එම රෝහලේයි.

කෙසේ වෙතත් වෛරසය ආසාදිතව රෝහල්ගත කෙරුණු අභිෂේක් බච්චන් සහ ඔහුගේ පියා වන ප්‍රවීණ රංගන ශිල්පී අමිතාබ් බච්චන් තවමත් ප්‍රතිකාර ලබමින් මුම්බායි රෝහලක රැඳී සිටින බව වාර්තා වෙයි.

“අයිශ්වර්යා සහ ආරධ්‍යා සෘණාත්මක පරීක්ෂාවක් සමග රෝහලෙන් පිටව ගොස් තිබෙනවා. ඔවුන් දැන් නිවසේ සිටිනු ඇති. මගේ පියා සහ මම වෛද්‍ය කාර්ය මණ්ඩලයේ රැකවරණය යටතේ තවමත් රෝහලේ රැඳී සිටිනවා.” අභිෂේක් සඳහන් කර තිබුණි.

Related posts

‘සුපර් 30’ චිත්‍රපටයට ඉන්දිය රුපියල් කෝටි 11ක ආදායමක්

Mohamed Dilsad

එක්සත් රාජධානිය සිනොෆාම් – සිනොවැක් එන්නත් පිළිගනියි

Mohamed Dilsad

ක්‍රිස් ගේල්ට වන්දියක්

Mohamed Dilsad

Leave a Comment