කලා

‘සුපර් 30’ චිත්‍රපටයට ඉන්දිය රුපියල් කෝටි 11ක ආදායමක්

(UTV| කොළඹ) – ඉන්දියාවෙන් බිහිවු ප්‍රකට ගණිතඥයෙකු වන ආනන්ද කුමාර්ගේ ජීවිත කතාව අලලා සැකසුණ ‘සුපර් 30’ චිත්‍රපටය පසුගියදා ප්‍රදර්ශනය ආරම්භ කරනු ලැබීය.

2017 වසරේ තිරගත වූ ‘කාබිල්’ චිත්‍රපටයෙන් පසුව රිතික් රෝෂන් මෙම චිත්‍රපටයේ ප්‍රධාන රංගනයෙන් දායක වන අතර ප්‍රධාන නිළිය ලෙස නවක නිළි මිරිනල් ඨාකුර් දායක වන බව වාර්තා වේ.

ඉන්දිය රුපියල් කෝටි 11ක ආදායමක් තිරගත වූ පළමු දිනයේදී උපයාගන්නට සමත් වූ මෙම චිත්‍රපටය මේ වනවිට සිය වියම් මුදල ආවරණය කරගනිමින් සිටින බව සඳහන් වේ.

සිනමා විචාරකයන් පවසන්නේ රිතික් රෝෂන් දෙවරසකට පසුව සිය රසික පිරිස් මුණ ගැසෙන නිසාවෙන් මෙය සාර්ථක චිත්‍රපටයක් වනු ඇති බවට ඉඟිපළ කළ හැකි බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

Brad Pitt සහ George Clooney නැවතත් එකම නිර්මාණයකින්

Mohamed Dilsad

2019 බොලිවුඩයේ තිරගත වන අවසන් චිත්‍රපටය මෙන්න

Mohamed Dilsad

ප්‍රියංකාගේ ‘සෝනා’ ඇමරිකාවේදී විවෘත වෙයි

Mohamed Dilsad

Leave a Comment