විදෙස්

කශෝගිගේ ඝාතනයට සවුදි කුමරුන් අනුමැතිය දී තිබූ බව ඇමෙරිකා වාර්තාවකින් හෙළිවේ

(UTV | ඇමරිකාව) – මාධ්‍යවේදී ජමාල් කශෝගි ඝාතනය සෞදි අරාබියේ කිරුළ හිමි මොහොමඩ් බින් සල්මාන් විසින් අනුමත කරන ලද බව ඇමෙරිකානු බුද්ධි අංශ වාර්තාවකින් අනාවරණ වී ඇත.

මාධ්‍යවේදියා සවුදි ග්‍රහණයට ගැනීමට හෝ ඝාතනයට කුමරුන් විසින් අවසර දී තිබූ බව ඇමෙරිකාව නිකුත් කල බුද්ධි වාර්තාවක දැක්වෙයි.

2018 වසරේදී සෞදි මාධ්‍යවේදී කශෝගි ඝාතනයට ලක්වූයේ තුර්කියේ ඉස්තාන්බුල් නුවර සෞදි කොන්සල් කාර්යාලයට පැමිණි අවස්ථාවේදීයි.

එහිදී ඔහුගේ සිරුර කැබලිවලට කපා රසායනික ද්‍රව්‍යයක දිය කළ බවට තොරතුරු හෙළි විය.

ඇමෙරිකානු බුද්ධි අංශ සකස් කළ වාර්තාවේ දැක්වෙන්නේ මාධ්‍යවේදී කශෝගි අල්වා ගැනීමට හෝ ඝාතනය කිරීමට සල්මාන් කුමරු අනුමැතිය ලබාදී තිබූ බවයි.

මේ අතර ඇමෙරිකානු බුද්ධි වාර්තාව ප්‍රතික්ෂේප කරන බව සවුදි අරාබිය ප්‍රකාශ කරයි.

 

 

 

Related posts

IMF ප්‍රධානී වරදකරු වෙයි

Mohamed Dilsad

ඇමෙරිකාවේ එක් දිනක සිදුවූ වැඩිම මරණ ගණන

Mohamed Dilsad

ඊශ්‍රායල – පලස්තීන ගැටුම් උග්‍ර අතට / ඊශ්‍රායලය අමතර භට පිරිස් සහ යුධ ටැංකි කැඳවයි

Mohamed Dilsad

Leave a Comment