ව්‍යාපාරික

රුපියල් 20 කාසිය මාර්තු මස සිට භාවිතයට [PHOTOS]

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා මහ බැංකුවට වසර 70 ක් පිරීම නිමිත්තෙන් නිකුත් කළ රුපියල් 20 නව කාසිය ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා විසින් ඊයේ (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පිළිගන්වනු ලැබීය.

“සමරු සංසරණ” කාසියක් ලෙස මෙය නිකුත් කර ඇත්තේ ශ්‍රී ලංකා මහ බැංකුවට වසර 70 ක් පිරීම නිමිත්තෙන්.

කාසිය පැති 07 ක් සහිත හැඩයකින් යුතුව නිකල් තවරා, වානේවලින් නිෂ්පාදනය කර තිබේ.

කාසි මිලියන 5 ක් ලබන මාර්තු මස 3 වනදා සිට මුදල් සංසරණයට එකතු කෙරෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේය.

 

No photo description available.

 

Related posts

පොල් මිලදී ගන්නකොට මේ ගැනත් අවධානය යොමු කරන්න

Mohamed Dilsad

කොළඹ කොටස් වෙළෙඳ පොළ හෙටත් වසා දමයි

Mohamed Dilsad

තේ වගාවේ අස්වනු ඉහළ නැංවීමට නව තාක්ෂණය යොදා ගැනේ

Mohamed Dilsad

Leave a Comment