ව්‍යාපාරික

පොල් මිලදී ගන්නකොට මේ ගැනත් අවධානය යොමු කරන්න

(UTV |කොළඹ) – පොල් ගෙඩියක් අලෙවි කළ හැකි උපරිම මිලක් දක්වමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ඊයේ (25)ගැසට් නිවේදනයක් නිකුත් කෙරුණි.

එම ගැසට් නිවේදනයට අනුව මින් ඉදිරියට පොල් ගෙඩියක මිල තීරණය වන්නේ එහි වටප්‍රමාණය අනුවය.

ඒ අනුව වට ප්‍රමාණය අඟල් 13ට වැඩි පොල් ගෙඩියක් අලෙවි කළ හැකි උපරිම සිල්ලර මිල වන්නේ රුපියල් 70ක්.

වට ප්‍රමාණය අඟල් 12-13 අතර පොල් ගෙඩියක් අලෙවි කළ හැකි මිල වන්නේ රුපියල් 65ක් බවයි එම ගැසට් නිවේදනයේ දැක්වේ.

වට ප්‍රමාණය අඟල් 12ට අඩු පොල් ගෙඩියක් රුපියල් 60කට අලෙවි කළ යුතුයි.

කිසිදු නිෂ්පාදකයෙකු, බෙදාහරින්නෙකු හෝ වෙළෙන්දෙකු විසින් මෙම මිලට වඩා අලෙවි කිරීම, අලෙවිය වෙනුවෙන් තැබීම හෝ අලෙවියට ඉදිරිපත් කිරීම හෝ ප්‍රදර්ශනය කිරීම නොකළ යුතු බව එම අධිකාරිය නියෝග කළේය.

Related posts

ලග්ගල එනසාල් සඳහා හොද මිලක්

Mohamed Dilsad

සහනදායී මිලට මුහුදුවැලි බෙදාහැරීම පළවනදා සිට

Mohamed Dilsad

අවුරුද්දට ධීවර සංස්ථාව මඟින් නව මත්ස්‍ය අලෙවිසැල් 20ක්

Mohamed Dilsad

Leave a Comment