කලා

සුනිල් ආරියරත්න සහ රෝහණ වීරසිංහ ඔස්කා සංවිධානයෙන් ඉවත් වෙයි [LETTER]

(UTV | කොළඹ) – මෙරට සංගීත ක්ෂේත්‍රයේ නියැලී සිටින ගායක ගායිකාවන්, සංගීතඥයන්, ගීත රචකයන් රැසක් නියෝජනය කරන ප්‍රමුඛතම සංවිධානය වන ඔස්කා සංවිධානයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ ඉවත් වීමට ප්‍රවීන ගීත රචක මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා සහ ප්‍රවීන සංගීතඥ රෝහණ වීරසිංහ මහතා තීරණය කර ඇති බව වාර්තා වෙයි.

ඔවුන් දෙදෙනා පසුගියදා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ඔස්කා සංවිධානයේ සභාපති ආචාර්ය ජයන්ත ධර්මදාස මහතා වෙත යොමුකර තිබේ.

මෙම ඉල්ලා අස්වීමට හේතුව වී තිබෙන්නේ සුනිල් ආරියරත්න මහතා විසින් රචිත, රෝහණ වීරසිංහ මහතා විසින් තනුව හා සංගීතය නිර්මාණය කළ ගීතයක් භාතිය ජයකොඩි මහතා සහ සන්තුෂ් වීරමන් මහතා විසින් අනවසරයෙන් වාණිජ්‍ය කටයුත්තක් සඳහා භාවිතා කිරීමයි.

විශේෂත්වය වන්නේ භාතිය ජයකොඩි මහතාද ඔස්කා සංවිධානයේ අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කිරීමයි.

අදාල ගීතය සම්බන්ධයෙන් මතු වූ ගැටලුවේදී භාතිය-සන්තුෂ් දෙදෙනා රුපියල් මිලියනයක වන්දියක් ලබාදීමට එකඟ වී ඇති නමුත් මේ දක්වා එම මුදල ලබා දී නොමැති බවත් විවිධ අන්දමින් හෙට්ටු කිරීමට උත්සාහ දරන බවත් අදාල ලිප‍ියේ සඳහන් වේ. සංගීත ක්ෂේත්‍රයේ නිරත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින සංවිධානයක අධ්‍යක්ෂක මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨයන් දෙදෙනෙකුගේ අයිතීන් එම අධ්‍යක්ෂක මණ්ඩලයම නියෝජනය කරන කණිෂ්ඨයෙකු අතින් පැහැර හැරීමක් සිදු වන්නේ නම් එවැනි අධ්‍යක්ෂක මණ්ඩලයක තවදුරටත් කටයුතු කළ නොහැකි බව සුනිල් ආරියරත්න මහතා සහ රෝහණ වීරසිංහ මහතා සිය ලිපියෙන් අවධාරණය කරයි.

 

 

Related posts

මලයාලම් සුරූපිණිය නැවතත් දමිළ සිනමාවට

Mohamed Dilsad

කාජල් සිය උපන්දිනයට රසිකයින්ට දුන් තෑග්ග(ඡායාරූප)

Mohamed Dilsad

රියා චක්‍රබෝර්ති ඇප මත නිදහස් කරයි

Mohamed Dilsad

Leave a Comment