ක්‍රීඩා

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය සඳහා නාමයෝජනා භාර ගැනීම අදින් අවසන්

(UTV | කොළඹ) – මැයි 20 වනදා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය සඳහා නාමයෝජනා භාර ගැනීම අද පස්වරු 03.30 න් අවසන් වනු ඇත.

සභාපති, උප සභාපතිවරු දෙදෙනෙක්, ලේකම්වරයෙක් ඇතුළු නිලධාරී මණ්ඩලයක් තෝරා ගැනීමට නාම යෝජනා භාර ගැනෙනු ලැබේ.

මැයි 20 වැනිදා පෙරවරු 10.30 ට ක්‍රීඩා අමාත්‍යාංශ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේදී නිලවරණය පැවැත්වීමට නියමිතයි.

ඒ, ඉදිරි වසර දෙක සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් නිලදරුවන් තෝරා ගැනීම සඳහායි.

 

Related posts

පළමු එක්දින තරගයෙන් එංගලන්තයට කඩුලු 5 ක ජයක්

Mohamed Dilsad

හිරුණි නව ශ්‍රී ලංකා වාර්තාවක් තබයි

Mohamed Dilsad

ලොව මිල අධිකම බියර් පානය කල ක්‍රිකට් මාධ්‍යවේදියා මෙන්න

Mohamed Dilsad

Leave a Comment