ක්‍රීඩා

ලොව විශාලම ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟය අදින් ඇරඹේ

(UTV | ඉන්දියාව) – ඉන්දියාවේ අහමදාබාද් නගරයේ ඉදිකල ලොව විශාලම ක්‍රිකට් ක්‍රීඩාංගණය වන මොටෙරාහි පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟය අද (24) ආරම්භ වෙයි.

ඒ ඉන්දියාව සහ එංගලන්තය අතර 03 වන ටෙස්ට් තරඟයයි.

නරඹන්නන් එක් ලක්ෂ 10 දහසකට එකවර අසුන් ගැනීමට එහි පහසුකම් සලසා තිබේ.

කෙසේවෙතත් කොවිඩ් තත්වය හමුවේ නරඹන්නන් 55,000 කට පමණක් ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමට සංවිධායකයන් සැළසුම් කර ඇත.

2016 වසරේදී ආරම්භවූ මෙම ක්‍රීඩාංගණයේ සංවර්ධන කටයුතු සඳහා වැය කර තිබූ මුදල ඩොලර් මිලියන 110 ක්.

 

Related posts

ICC කාන්තා ලෝක ශූරතා පුහුණු තරඟයක්

Mohamed Dilsad

ටෝකියෝ ඔලිම්පික් උළෙලේ ගිනි සිලුව ධාවනය ඇරඹෙයි

Mohamed Dilsad

රාහුල් විසින් කෝලිට සමරු තිළිණයක්

Mohamed Dilsad

Leave a Comment