දේශීය

වෘත්තීය සමිති සමඟ සහයෝගයෙන් වැඩ කිරීමට රජය සූදානම්

(UTV | කොළඹ) – ජනතාවට ලබාදුන් පොරොන්දු එලෙසම ඉටුකිරීමට රජයට සහයවන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෘත්තීය සමිති නියෝජිතයන්ගෙන් ඉල්ලීමක් කරයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ වෘත්තීය සමිති නියෝජිතයන් සමඟ ජනාධිපති කාර්යාලයේ ඊයේ පැවති සාකච්ඡාවකදියී.

වැටුප් සහ උසස්වීමේ විෂමතා බඳවා ගැනීමේ පටිපාටියේ ගැටලු ඇතුළු සේවක ගැටලු විසදීමට රජය කැපවී සිටින බව ජනාධිපතිවරයා එහිදී සඳහන් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

වෘත්තීය සමිති සමග සමගියෙන් වැඩකරන ලෙස රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට දැනුම් දී ඇති බවද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන්කර ඇත.

රැකියා ලක්ෂයේ වැඩසටහන යටතේ බඳවා ගත් පිරිස් සෞඛ්‍ය සේවයට ඇතුලත් කර ගන්නා බවට පතුරවා හැර ඇති මතය සම්පූර්ණයෙන්ම වැරදි සහගත බවයි ජනාධිපතිවරයා එහිදී සඳහන් කර ඇත්තේ.

රාජ්‍ය සේවයේ පවතින වැටුප් සහ උසස් වීම් විෂමතා, බඳවා ගැනීමේ අවුල් සහගත තත්ත්වයන් විසඳීමට කටයුතු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙහිදී ප්‍රකාශ කළා.

වෘත්තීය සමිතිවලට සවන්දීමටත්, ඒවා සමඟ සහයෝගයෙන් වැඩ කිරීමටත් රජය සැමවිටම සූදානම් බව පැවසූ ජනාධිපතිවරයා කොවිඩ් අර්බුදය දැන් සමනය වෙමින් පවතින බැවින් ඉදිරියේදී මාස 03 කට වරක් වෘත්තීය සමිති හමුවී සාකච්ඡා කිරීමට අදහස් කරන බව ද කියා සිටියයේය.

 

Related posts

කළමනාකරණ සේවා තනතුරු ගැන ගත් අලුත්ම තීරණය

Mohamed Dilsad

මත් පැකට් 13ක් ගිලදැමූ පුද්ගලයෙකු මරුට

Mohamed Dilsad

නුවරඑළිය ඇතුළු ප්‍රදේශ කීපයකට ගිගුරුම් සහිත වැසි

Mohamed Dilsad

Leave a Comment